අලුතෙන් ජනාධිපති කාර්ය සාධක බලකා 8ක්..

Sri Lanka Government Of Sri Lanka
By krishani Sep 02, 2022 01:39 AM GMT
Report

ආයෝජකයින් සුරක්ෂිත කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රධානීන්ගෙන් සමන්විත කාර්ය සාධක බලකා 08ක් ජනාධිපතිවරයා විසින් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරයි.

ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් මෙම කාර්ය සාධක බලකායන් බලගැන්වීම ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (01) සිදු කෙරුනු අතර  නව ව්‍යාපාර ආරම්භ කිරීම, ඉදිකිරීම් බලපත්‍ර ලබා ගැනීම, ව්‍යාපාර දේපළක් ලියාපදිංච් කිරීම, ණය ලබා ගැනීම, සුළු පරිමාණ ආයෝජකයන් ආරක්ෂා කිරීම, දේශ සීමා හරහා වන වෙළඳාම්, බදු ගෙවීම යනාදී ක්ෂේත්‍ර 8ක් මූලික කර ගනිමින් ව්‍යාපර කටයුතුවලට අදාළව සේවා සපයන රාජ්‍ය ආයතන ක්‍රියාත්මක කරන රෙගුලාසි හා ක්‍රියා පරිපාටි සියල්ල ආවරණය වන පරිදි මෙම බලකායන් බලාත්මක කර ඇත.