ඉන්දියාව ලංකාවට දුන් පොරොන්දුව..
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අතර සාකච්ඡාවක් ඊයේ (20) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණ.
ඒ ද්වීපාර්ශ්වික සබඳතා, ඒකාබද්ධ ව්‍යාපෘති සහ ශ්‍රී ලංකාවට ලබාදෙන ඉන්දියානු සහාය සම්බන්ධයෙන් ය.
ශ්‍රී ලංකාව සඳහා යෝජිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් (IMF) පැකේජයට ඉන්දියාව පූර්ණ සහයෝගය ලබා දෙන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහතික වීම පිළිබඳව මෙහි දී අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට සිය ස්තූතිය පළ කර ඇත.
පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ආරම්භ වූ අවස්ථාවේ දී ණය ප්‍රතිසංවිධානය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 4 ක් ලබාදීම සහ විශ්වාසවන්ත සහ සමීප මිතුරෙකු ලෙස අඛණ්ඩව ලබා දෙන ආධාර සහ සහයෝගය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට ස්තූති කර ඇත.
එම සාකච්ඡාවේ දී,
“ශ්‍රී ලංකාව මෙම ආර්ථික අර්බුදයෙන් ඉක්මනින් ගොඩඑනු ඇතැයි අපට විශ්වාසයි. ඉදිරි කටයුතු සාර්ථක කරගැනීමට හැකි සෑම ආකාරයකින්ම අපි ඔබට සහාය වන්නෙමු” යැයි අමාත්‍ය ජයශංකර් අග්‍රාමාත්‍යවරයාට සහතික වී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |