දැඩි තීරණයක් ගනී. - ගුරුවරු ඇතුළු රාජ්‍ය සේවකයින් මිලියන ගණනක් පාරට බහී.

France
By Wayomi Mar 20, 2024 12:44 PM GMT
Wayomi

Wayomi

in ලෝකය
Report

ප්‍රංශයේ ගුරුවරුන්, සෞඛ්‍ය සේවකයින් ඇතුළු සිවිල් සේවකයින් මිලියන ගණනක් වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලීම් කරමින් සහ රජයේ අධ්‍යාපනික ප්‍රතිසංස්කරණයකට විරෝධය පළ කරමින් දැවැන්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඊට සමගාමීව පැරිස් අගනුවර පැවති දැවැන්ත විරෝධතාවක් පිළිබඳවද විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර විරෝධතාව සංවිධාන කර තිබුණේ ක්ෂේත්‍රයේ ප්‍රධාන වෘත්තීය සමිතිවල ප්‍රධානත්වයෙන්.

ඊට ගුරුවරුන්ගේ, සෞඛ්‍ය සේවකයින්ගේ සහ මහජන පරිපාලන නිලධාරීන්ගේ සහාය හිමිව ඇත.

වැඩවර්ජනය සඳහා ප්‍රංශ සිවිල් සේවකයින් මිලියන 5.7 ඉක්මවූ පිරිසක් එක්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර ප්‍රංශ සිවිල් සේවකයින් මෙලෙස වැඩවර්ජනයක් ආරම්භ කර ඇත්තේ සිය වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලීම් කරමින්.

මේ අතර ප්‍රංශයේ පාසල්වල 6 ශ්‍රේණියෙන් පසුව සිසුන්ගේ ඉගෙනුම් මට්ටම මත පදනම්ව සිසුන් වර්ගීකරණය කිරීමේ රජයේ තීරණයට ද ගුරුවරුන්ගෙන් එල්ල වී ඇත්තේ දැඩි විරෝධයකි.

විරෝධතාකරුවන් චෝදනා කරන්නේ, සේවක වැටුප් ඉහළ දැමීම, උද්ධමනයේ ඉහළ යාමට අනුකූල නොවන බවයි.