රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛනයක් නිකුත් කරයි - ඒ අනුව මින් පස්සේ මේ දේවල් අනිවාර්යයෙන් විය යුතුයි..
රාජ්‍ය සේවකයින් රාජකාරී කටයුතු සිදුකරන වෙලාවන් පිළිබඳව සඳහන් කරමින් විශේෂ චක්‍රලේඛනයක් නිකුත් කර තිබෙනවා.
ඒ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් ය.
ඒ අනුව කාර්යාල ගතව සේවය කරන රජයේ සේවකයන් උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා කාර්යාලවල රැඳි සිටිමින් සිය රාජකාරි කටයුතු සිදු කිරීම අනිවාර්ය වේ.
එමෙන්ම, පස්වරු 3.00 දක්වා රජයේ කාර්යාල මුදල් ගනුදෙනු සඳහා විවෘතව තැබිය යුතු වේ.
තව ද, මහජනතාවගෙන් දිනපතා ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගනිමින් සියලුම රාජ්‍ය ආයතනවල විමසීම් කවුළු, මුදල් භාර ගැනීමේ කවුළු, අයැදුම්පත් භාර ගැනීමේ කවුළු අඛණ්ඩව වීවෘතව තැබිය යුතු වේ.
රාජකාරී කාලය තුළ දී වෙනත් පෞද්ගලික කටයුතු සඳහා පිටව යාම නොකළ යුතු බව එහි සඳහන් ය.
කෙසේ වෙතත්, මහහන දිනය ලෙස සැළකෙන සඳුදා දිනයේ සියලුම නිලධාරීන් ආයතනයේ රැඳී සිටීම අනිවාර්ය වන අතර රාජකාරි කාලය තුළදී සිය කාර්යාල හැඳුනුම්පත පැලඳ සිටීම හා නිල ඇඳුම් දීමනා ලබන සියලුම රාජ්‍ය නිලධාරීන් නිල ඇඳුමින් සැරසී සිටීම අනිවාර්ය වේ.
Sponsored By Sarrita Jewellery