ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් විශේෂ පණිවිඩක්!!..

Gotabaya Rajapaksa Sri Lanka President of Sri lanka
By krishani May 15, 2022 02:39 AM GMT
Report

බෞද්ධ ජනතාව සමරන ප්‍රධාන ආගමික උත්සව අතුරින් වෙසක් උත්සවයට ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර එදිනට බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, සහ පිරිනිවන් පෑම හෙවත් තෙමඟුල සමරනු ලබන ලෝකවාසී බෞද්ධ ජනතාව ඒ වෙනුවෙන් විවිධ ආකාරයේ ආගමික වතාවත්වල නිරත වේ.

උතුම් වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් වෙසක් දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

අසිරිමත් සම්බුදු තෙමඟුල යෙදෙන අද දිනයේ දී ලෝකවාසී මෙන් ම ශ්‍රී ලාංකික බෞද්ධ ජනයා ආගමික හා ප්‍රතිපත්ති පූජාවල නිරත වන්නේ සැදැහැ සිතින් බවයි ජනාධිපතිවරයා පවසා සිටින්නේ.

බෞද්ධ දර්ශනයේ සඳහන් වන ආකාරයට යම් ක්‍රියාවක් කොට පසුතැවිල්ලට පත් නොවේ ද, යම් ක්‍රියාවකගේ විපාකය ප්‍රීතියෙන් හා සතුටෙන් යුක්තව විඳින්නේ ද ඒ ක්‍රියාව කළ සැටි යෙහෙකි යනුවෙන් උගන්වන බවයි ජනාධිපතිවරයා සිය පණිවිඩයේ දක්වා ඇත්තේ.

එබැවින් අසීරු අවස්ථාවන්හිදී උත්සාහයෙන් යුතුව කටයුතු කළ යුතු බවත්, රට අසීරුතාවට පත්ව ඇති මොහොතක සියලුදෙනා එක්ව එක විසඳුමක් උදෙසා වහ වහා කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටීයි.

මේ හේතුවෙන් පින්බර වෙසක් පොහොය දිනයේ දී පවතින තත්ත්වය සිහි නුවණින් දැක සියල්ලට ම සාධාරණ, පොදු විනිශ්චයක් දිය හැකි වැඩපිළිවෙළක් සඳහා එක් විය යුතු බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now