"..රජයේ ජයග්‍රහණ සියල්ල සංවර්ධනයේ පිළිබිඹුවක් .." ජනපතිගේ විශේෂ ප්‍රකාශය..!
ශ්‍රී ලංකාවට තීරණාත්මක මෙම කාලය තුල ආර්ථික ප්‍රකෘතියට සහය වීම සඳහා තිරසාර ප්‍රයත්නයන් වෙනුවෙන් ඇති ආයෝජන, තාක්ෂණ හුවමාරු කිරීම් සහ මුදල් සැපයීම මෙන්ම පුළුල් සංවර්ධන ආධාර සහ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ලබාදෙන සහයෝගිතාව ශ්‍රී ලංකාව සාදරයෙන් පිලිගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ජපානයේ කුමමොටෝ හි ඇරඹි 4 වන ආසියා පැසිෆික් ජල සමුළුව අද වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ. මෙම සමුළුව සඳහා ජපානය ඇතුළු ආසියා - පැසිෆික් කලාපයේ රටවල් 48 ක රාජ්‍ය නායකයින් සහ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් සහභාගි වනවා.
වසංගතය හේතුවෙන් අයහපත් තත්ත්වයට පත්ව ඇති මෙරට පවතින මූල්‍ය අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස සම්පත්වලට ඇති අවකාශයන්ට සැලකිය යුතු ලෙස බාධාවන් පැමිණ තිබියදීත්, පරිසරය පිළිබඳ ප්‍රගතිශීලි න්‍යාය පත්‍රයක් පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නොවෙනස්ව පවතින බවයි ජනාධිපතිවරයා සමුළුව අමතමින් ප්‍රකාශ කළේ.
ඉදිරි තෙවසරේ දී සැමට පිරිසිදු ජලය, සනීපාරක්ෂක සහ ජලය ආශ්‍රිත යටිතලපහසුකම් සැපයීම රජයේ ජාතික ඉලක්කය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා. පවතින ජල සම්පාදන යෝජනා ක්‍රමවල ධාරිතාව සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කරමින්, රටපුරා නව ජල ව්‍යාපෘති ඇරඹීමට සැලසුම් කර ඇති බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.
ජපානයේ කුමමොටෝ හි ඇරඹි 4වන ආසියා - පැසිෆික් දෙදින ජල සමුළුව අමතමින් අද (23) පෙරවරුවේ ඔහු මේ බව සඳහන් කළා. “තිරසර සංවර්ධනය සඳහා ජලය : හොඳම භාවිතයන් සහ ඊළඟ පරම්පරාව” යන්න තේමා කරගනිමින් පැවැත්වෙන මෙවර සමුළුවට ජපානය ඇතුළු ආසියාතික සහ පැසිෆික් කලාපයේ රටවල් 48ක රාජ්‍ය නායකයෝ සහ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයෝ සහභාගී වෙනවා.
සමුළුවේදී ජලය සම්බන්ධ විවිධ ගැටලු හා 2017 වසරේ මියන්මාරයේ පැවැති 3වන ආසියා - පැසිෆික් සමුළුවේ දී සම්මත කරගත් “යැන්ගොන් ප්‍රකාශයේ” දක්වා ඇති නිර්දේශ ක්‍රියාවට නංවන්නේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡාවට ලක් කෙරෙනවා. සමුළුවේ ප්‍රගතිය 2023 මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ ජල සමුළුවේ දී “කුමමොටෝ ප්‍රකාශය” ලෙසින් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂිතයි.
“කුමමොටෝ ප්‍රකාශය යනු ජලය සම්බන්ධ ගැටළු විසඳීම සඳහා ඉහළ පෙළේ නායකයින්ගේ එකතුවෙන් ගොඩනැගෙන දැඩි අපේක්ෂාවන් වල එකතුවක්. එම ගැටළු විසඳීම සඳහා අපි අපේ දැනුම එකට එක් කිරීමට උත්සාහ කළ යුතු බව “ආසියා - පැසිෆික් ජල සමුළුවේ” සභාපති යොෂියුකි මෝරි (Yoshiyuki Mori) මහතා සඳහන් කළා.
“දේශගුණික විපර්යාස සහ ස්වභාවික විපත්, සනීපාරක්ෂාව සහ දරිද්‍රතාවය වැනි සමාජයක පවතින අභියෝග රාශියකට ජල ප්‍රශ්න මූලිකව ඉවහල් වෙනවා. මෑතකාලයේ ලෝකයේ ජලය ආශ්‍රිත විපත් වැඩි වී තිබෙනවා. ආසියා - පැසිෆික් කලාපයේ, පසුගිය වසර 30 තුළ ජලය ආශ්‍රිත ආපදා තුන් ගුණයකින් වැඩි වී ඇත. දිළිඳුකම තුරන් කිරීම සඳහා ජලය භාවිතා කරමින් දේශීය සනීපාරක්ෂක වතාවරණය වැඩිදියුණු කිරීම අත්‍යාවශ්‍ය වනවා.
ආසියා - පැසිෆික් කලාපයේ අනෙකුත් රටවල් සමඟ අපි අපගේ විශේෂඥ දැනුම බෙදා ගැනීමට සුදානමින් සිටින්නෙමු” යැයි සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කළ ජපාන අග්‍රාමාත්‍ය ෆුමිඕ කිෂිඩා (Fumio Kishida) මහතා සඳහන් කළා. කොවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ වුවද ගත වූ දෙවසරේ දී සෙසු වර්ෂයන්ට සාපේක්ෂව 50%කට වඩා වැඩි ප්‍රමාණයකින් මහජනතාවට ජල සැපයුම් ලබාදීමට හැකි වූ බව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේ.
එමෙන්ම ජල චක්‍ර කළමනාකරණය වැඩිදියුණු කිරීමට ඉවහල් වන ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට හැකි වූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. කොවිඩ් වසංගතය හේතුවෙන් පවතින මූල්‍ය අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස සම්පත් ළඟා කරගැනීමට ඇති අවකාශයන්ට බාධා එල්ල වෙමින් තිබේ.
එසේ වුවද පසුගිය දෙවසර තුළ තම රජයේ සංවර්ධන ප්‍රයත්න මූලධර්මය වන සහභාගීත්ව සංවර්ධන න්‍යාය භාවිතා කර සංවර්ධන කටයුතු සිදු කිරීමට ප්‍රමුඛතාවක් දුන් බව ඔහු සඳහන් කළා.පවතින තීරණාත්මක කාලයේ දී අපගේ ආර්ථික ප්‍රගතියට මෙන්ම තිරසර ප්‍රයත්න උදෙසා වන ආයෝජන අවස්ථා, තාක්ෂණ හුවමාරු, අරමුදල් සැපයීම්, පුළුල් සංවර්ධන ආධාර සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් දෙන සහයෝගීතාව ශ්‍රී ලංකා රජය සාදරයෙන් පිළිගන්නා බව ඔහු එහිදී සිහිපත් කර තිබෙනවා.
4වන ආසියා පැසිෆික් ජල සමුළුව අමතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ කතාව තිරසර සංවර්ධනය සඳහා ජලය :
ප්‍රශස්ත භාවිතයන් සහ ඊළඟ පරම්පරාව රාජ්‍ය නායකයිනි, නියෝජිතවරුනි, ශ්‍රී ලංකාව සහශ්‍ර ගණනාවක් පුරා දිවෙන සමෘද්ධිමත් ජල කළමනාකරණයකට උරුමකම් කියන දූපත් රාජ්‍යයකි. අපගේ මුතුන් මිත්තන් විසින් අති විශාල ජල විද්‍යාත්මක ව්‍යාපෘති හරහා අපගේ භූ දර්ශනය පරිවර්තනය කරා නවීන කෘෂිකර්මාන්තයක් පවත්වා ගෙන යමින් ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය ලෙස කීර්තියක් අත්පත් කර දෙන ලදි.
ජලය ආශ්‍රිත තිරසර සංවර්ධන ඉලක්ක සඳහා මාගේ රජයේ කැපවීම මෙම පොහොසත් උරුමය මගින් මෙහෙයවනු ලබන අතර, එය තිරසර බව අවධාරණය කරන අපගේ ජාතික ප්‍රතිපත්තියේ ප්‍රධාන කොටසකි. අපගේ ජල පද්ධතිවල තිරසර බව සහ ප්‍රත්‍යාස්ථතාව ආරක්ෂා කිරීම අපගේ ප්‍රමුඛතාවයකි. වඩාත් කාබනික සහ තිරසර කෘෂිකර්මාන්තයක් සඳහා රසායනික පොහොර, පළිබෝධනාශක සහ වල් නාශක අධික ලෙස භාවිතා කිරීම අප විසින් අධෛර්යමත් කිරීම මෙම අවශ්‍යතාවයේ කොටසක් ලෙස පදනම් විය.
ගංගා 100කට අධික ප්‍රමාණයක් පිරිසිදු කිරීමේ සහ ගං ඉවුරු ඛාදනය අවම කිරීම, වැලි ගොඩ දැමීම, අනවසර ඉදිකිරීම් සහ අපජලය සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය අපගේ ජලමාර්ග වලට මුදා හැරීම් නැවැත්වීමේ අපගේ ජාතික වැඩසටහන ද එසේම ය. 2025 වන විට සැමට පිරිසිදු ජලය සැපයීම මෙන්ම සනීපාරක්ෂක පහසුකම් සැපයීම ඇතුළු ජලය ආශ්‍රිත යටිතල පහසුකම් සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීම ජාතික ඉලක්කයක් ලෙස පවතී.
අපි දැනට පවතින ජල සම්පාදන යෝජනා ක්‍රමවල ධාරිතාව සහ ගුණාත්මකභාවය අඛණ්ඩව වැඩිදියුණු කර දුර්වල ආවරණයක් සහිත ප්‍රදේශ සඳහා නව ව්‍යාපෘති ආරම්භ කිරීමට ද අවධානය යොමු කර ඇත. කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ පවා, පසුගිය වසරවල වාර්ෂිකව ලබා දුන් ජල සම්බන්ධතා සංඛ්‍යාවට සාපේක්ෂව 50%කට වඩා වැඩි ප්‍රමාණයකින් මහජනතාවට ලබා දෙන නව ජල සම්බන්ධතා සංඛ්‍යාව වැඩි කිරීමට මගේ රජයට හැකි විය.
ජල චක්‍ර කළමනාකරණය වැඩිදියුණු කිරීමට ඉවහල් වන ව්‍යාපෘති කිහිපයක් ද ක්‍රියාත්මක කරන ලදී. මගේ රජයේ සංවර්ධන ප්‍රයත්නවල මූලික හරය වන සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා සියලු දෙනා එක්කරගත් සහ සහභාගී කරගත් සංවර්ධනයක් වැඩි දියුණු කිරීම සඳහා අප ලබා දෙන අවධානය මෙම ජයග්‍රහණවලින් පිළිබිඹු වේ.
වසංගතය නිසා තවත් නරක අතට හැරී ඇති සහ අපගේ පවතින මූල්‍ය අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස සම්පත් වලට ඇති අවකාශයන්ට සැලකිය යුතු ලෙස බාධාවන් පැමිණ තිබියදීත්, මෙවැනි සංවර්ධනයක් අත්කර ගැනීම සඳහා මෙන්ම පරිසරය පිළිබඳ ප්‍රගතිශීලී න්‍යාය පත්‍රයක් පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නොවෙනස්ව පවතී.
මෙම තීරණාත්මක කාලය තුළ අපගේ ආර්ථික ප්‍රකෘතියට සහාය වීම සඳහා අපගේ තිරසාර ප්‍රයත්නයන් වෙනුවෙන් ඇති ආයෝජන, තාක්ෂණ හුවමාරු කිරීම් සහ මුදල් සැපයීම මෙන්ම පුළුල් සංවර්ධන ආධාර සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ලබාදෙන සහයෝගීතාව ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගනී.
අද ජීවත්ව සිටින අප සැවොම අනාගත පරපුර වෙනුවෙන් මේ මිහිතලයේ භාරකරුවන් ලෙස කටයුතු කරයි. අපගේ අනාගත පරපුර වෙනුවෙන් තිරසර සංවර්ධනය සඳහා ජලය කළමනාකරණය කිරීම අප සැමගේ යුතුකමකි. අපේ ජනතාව සහ අපේ පෘථිවිය වෙනුවෙන් අපි මේ සඳහා නොපසුබටව කටයුතු කරමු.
ඔබට ස්තුතියි!
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |