ජනපති-රනිල් අතර විශේෂ හමුවක්

By Sithumi Apr 07, 2022 03:58 PM GMT
Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවූක් අද(7) පැවැත්විණ. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති හමුව ජනපති හා හිටපු අගමැති පමණක් සහභාගී වීම විශේෂත්වයකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ දැනුම් දීමකට අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා හමුවිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියාම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාව පිළිබඳ ඉහත හමුවේ දී ජනාධිපතිවරයා කරුණු සවිස්තරව විමසනු ලැබීය.

ඊට අමතරව ජපානය, දකුණු කොරියාව, ඉන්දියා, සහ චීනය ඇතුළු කලාපයේ ප්‍රධාන රටවල් පහක් එකතු කරගෙන පිහිටුවීමට යෝජිත කමිටු පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් දීර්ඝ ලෙස කරුණු විමසනු ලැබීය. රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විනාඩි කිහිපයක් සාකච්ඡා කළ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටවුනු දැක ගත හැකි විය.