ගෝඨාභය රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැනුම්දෙයි..?
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්කිරීමට කිසිඳු අකමැත්තක් නොමැති බවත් එවැනි යෝජනාවක් ඉදිරිපත් වුවහොත් කැමැත්ත පළකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මහතා අද (25) පැවසීය.
ගෝඨාභය රාජපක්‍ෂ ලක්‍ෂ 69 ක් ඡන්ද ලබාගෙන ජනාධිපතිවරයකු මෙන්ම යුද්දය ජය ලැබීමට නායකත්වය දුන් නිලධාරියකු වීම නිසා ඔහුට රටට පැමිණීමට කිසිඳු බාධවක් නොමැති බව කී ප්‍රදීප් උදුගොඩ මහතා ඇතැම් දේශපාලන අදිසි හස්තයන් මේ රටේ ජනතාව කුපිත කිරීම නිසා එතුමා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව ද සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්‍ෂ මහතාට නැවත මෙරටට පැමිණීමේ අයිතිවාසිකම මානව හිමිකම් කොමිසම ද තහවුරු කර ඇති බවත් හිටපු ජනාධිපතිවරයා ඉදිරියේදී එළඹෙන දේශපාලන තීන්දු පිළිබඳව තමන්ට ප්‍රකාශයන් කළ නොහැකි බවත් උදුගොඩ මහතා වැඩි දුරටත් කීය. බ
ත්තරමුල්ල නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (25) පැවැති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මහතා පැවසීය. එම මාධ්‍ය හමුවට සහභාගි වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පැවසුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ශ්‍රී ලංකාවට පැමිණීමට කිසිඳු බාධාවක් නොමැති බවත්ය.
මේ අතර වෙනත් ස්ථානයකදී මාධ්‍යට අදහස් දැක්වූ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කළේ,
" ගෝඨාභය රාජපක්ෂ 100%ක් 24, 25 එන්න සූදානම් වෙලා තිබුණේ. නමුත් එදා මං කට පොඩ්ඩක් ඉක්මන් කර ගත්තානේ. අද මේක කියපු නිසා පස්සට දැම්මේ නැත්තම් සැප්තැම්බර් 03 වනදා ට ලංකාවට එනවා. අගමැතිකමට යෝජනා තියෙනවා. නමුත් මේ රටේ ජනතාව අනුමත කරන්නේ නැහැ."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |