හිටපු ජනපති නැවත පැමිණෙන්නේ කවදද..? විදෙස් මාධ්‍යය කියයි

Gotabaya Rajapaksa Sri Lanka Singapore Thailand
By Sithumi Aug 23, 2022 02:18 PM GMT
Report

රොයිටර්ස් පුවත්සේවය වාර්තා කරන පරිදි ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තව සති දෙකකින් පමණ නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ තිබෙන බවයි. එනම් එතුමා පැමිණෙන දිනය තීරණය වන්නේ ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගන්නා විධිවිධාන මත බවත් එම වාර්තාවේ දැක්වෙයි. 

  ගෝඨාභය රාජපක්ෂ මහතා ජූලි 13 වනදා මෙරටින් පිටව ගිය අතර ඉන් දිනකට පසුව ජනාධිපතිධුරයෙන් සිය ඉල්ලා අස්වීම ලිඛිතව කථානායකවරයාට දැන්වීය. පළමුව මාලදිවයිනට ගිය හිටපු ජනාධිපතිවරයා ජූලි 14 වනදා සිංගප්පුරුවට ගියේය.ඔහු මේ වනවිට තායිලන්තයේ රැඳී සිටියි.

"ඔහු අනිවාර්යෙන්ම නැවත පැමිණීමට කැමැත්තෙන් ඉන්නේ. නමුත් ඔහුගේ ආරක්ෂාව තමයි ප්‍රධාන ගැටලුව. බුද්ධි අංශ උපදෙස් දීලා තිබෙනවා, නැවත පැමිණීම පමා කරන්න කියලා," රජයේ නිලධාරියෙක් උපුටා දක්වමින් රොයිටර්ස් වාර්තා කළේය.

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මීට දින කිහිපයකට පෙර පැවසුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගෝස්තු 24 වනදා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවය. නමුත් ආරක්ෂාව සම්බන්ධයෙන් පැහැදිලි තීරණයක් ගන්නා තුරු ඔහුගේ පැමිණීම පමාකර ඇති බව අදාළ පුවත් වාර්තාවේ දැක්වෙයි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW