පොහොට්ටුවේ දහයක් හදිසියේම ජනපතිට ලිපියක් යොමු කර ඉල්ලූ අමුතු දේ..විපක්ෂත් ආණ්ඩුවට එක් වෙනවාද..?
නිවැරදි ආර්ථික සහ දේශපාලනික වැඩපිලිවෙලකට එකඟ වන සෑම විරුද්ධ පක්ෂයකම නියෝජනයෙන් යුත් සර්ව පාක්ෂික නව කැබිනට් මණ්ඩලයක් පත්කර අර්බුදයට විසඳුමක් ලබාදීමට කැපවන ලෙස පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දස දෙනෙකු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
ඒ, ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින්. කේ.ඒ.පී.එස්. කුමාරසිරි, ලලිත් එල්ලාවල, සුදත් මංජුල, වසන්ත යාපා බණ්ඩාර, උපුල් ගලප්පත්ති, උදයන කිරිඳිගොඩ, කරුණාදාස කොඩිතුවක්කු, ගුණපාල රත්නසේකර, අකිල එල්ලාවල සහ උදයකාන්ත ගුණතිලක යන මන්ත්‍රීවරුන් මෙම ලිපිය යොමුකර තිබෙනවා.
එමඟින් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ බරපතල ආර්ථික පරිහානියකින් පීඩා විඳින ජනතාව ඉන් මුදා ගැනීම සඳහා කඩිනම් සාමුහික තීන්දුවක් ගත යුතු බවයි.
ආණ්ඩු පක්ෂය ලෙස බහුතරය ආරක්ෂා වීම සම්බන්ධයෙන් ආඩම්බර විය යුතු නමුත්, බහුතරය අහිමිවීම සම්බන්ධයෙන් තර්ජනයක් තිබෙන බව ප්‍රායෝගිකව පිළිගත යුතු බවද ඔවුන් ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියෙහි සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |