ජනපතිගෙන් අද රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක්..! සියලු මාධ්‍ය ඔස්සේ විකාශය වන වෙලාව මෙන්න..
Sri Lanka
Parliament
politics
Mahinda Rajapaksha
Gotabhaya Rajapaksha
By Sewvandhi
නව අමාත්‍ය මණ්ඩලය පත්කිරීම පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය අද රාත්‍රියේ ප්‍රචාරය කිරීමට නියමිතයි.
ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසන පරිදි, ජනාධිපතිවරයාගේ ප්‍රකාශය රාත්‍රී 07.30 ට සියලුම රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා ඔස්සේ ප්‍රචාරය කෙරෙනු ඇති.
නව අමාත්‍ය මණ්ඩලයක් පත් කළ ද රජයේ ඉහළ තනතුරු හතරක් නොවෙනස්ව පවතින බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විෂය පථය යටතේ පැවති අමාත්‍යාංශ නොවෙනස්ව පවතින අතර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති.
මහාචාර්ය ජී එල් පීරිස් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අතර අලි සබ්රි මුදල් අමාත්‍යවරයා ලෙස තවදුරටත් කටයුතු කරනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |