ජනපති ගෝඨාභය හදිසියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි..

Sri Lanka Electric Hospital Gotabaya Rajapakshe Spacial gazette
By Aruna Mar 22, 2022 01:33 AM GMT
Report

රෝහල්, සාත්තු නිවාස, බෙහෙත් ශාලා සහ අනෙකුත් ඒ හා සමාන ආයතනවල රෝගීන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් විදුලිය සැපයීම සහ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නැවත නිකුත් කර තිබෙනවා.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සලකා බලමින් සිටින්නේ යයි පලවන සමාජ මාධ්‍ය වාර්තා ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ප්‍රතික්ෂේප කරනවා.

ජනාධිපතිවරයා බරපතළ අර්බුදයකදී පලා යන පුද්ගලයකු නොවන බවත් අද රට මුහුණ පා ඇති ගැටලුවලට විසඳුම් සෙවීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවත් හෙතෙම පැවසීය.

ඇතැම් පිරිස් රට තවදුරටත් අස්ථාවර කිරීම සඳහා මෙවන් කටකතා පතුරවන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now