අද හිටපු ජනපති ගෝඨාභය විශේෂ කුමන්ත්‍රණයක් ගැන සියල්ල හෙළි කරයි..

Basil Rajapaksa Gotabaya Rajapaksa Mahinda Rajapaksa Namal Rajapaksa Sri Lanka Politician
By Aruna Mar 07, 2024 03:14 AM GMT
Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” ග්‍රන්ථය අද (7) දිනයේ එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

2009 දී දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය ජයග්‍රහණය කළ අවස්ථාවේ සිට ශ්‍රී ලංකාවට එරෙහිව විදේශීය මැදිහත්වීම් උත්සන්න විය.

ඒ අනුව 2019 නොවැම්බර් මාසයේ සිට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස තේරී පත් වූ මොහොතේ සිටම ඇතැම් විදේශීය සහ දේශීය පාර්ශ්ව ඔහු බලයෙන් පහ කිරීමට මාන බලමින් සිටින්නට විය.

කුමන්ත්‍රණකාරී බලවේග ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් නෙරපා හැරීමේ දේශපාලන ව්‍යාපාරය 2022 මාර්තු අග දී ආරම්භ වූයේ කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා එන්නත් ව්‍යාපාරය දියත්කර ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් වෙමින් තිබූ අවස්ථාවකදීය.

මෙම කෘතියේ අන්තර්ගතය වන්නේ ජාත්‍යන්තර අනුග්‍රහය සහිත පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ මෙහෙයුමක් පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෘජු අත්දැකීමක් වීම ද විශේෂත්වයක්.

අද හිටපු ජනපති ගෝඨාභය විශේෂ කුමන්ත්‍රණයක් ගැන සියල්ල හෙළි කරයි.. | Gotabaya Rajapakshe Spacial Book

එබැවින් මෙම කෘතිය ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොව විදේශිකයන්ටත් වැදගත් වන බව නොඅනුමානයි.

මෙම ග්‍රන්ථය අද(07) දින සිට ප්‍රමුඛ පෙළේ පොත් අලෙවිසැල්වලින් ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා දෙකෙන්ම ලබා ගැනීමට හැකියාව පවතී.