ජනපති ගෝඨාභය ඝාතනය කිරීමට ගත් උත්සාහයක් ගැන හෙළිදරව්වක්...

Sri Lanka Political Sajith premadasa Prasanna ranathunga Gotabaya Rajapakshe
By Aruna Apr 07, 2022 03:53 AM GMT
Report

ධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවසට ගිය විරෝධතාකරුවන්ගේ අරමුණ වූයේ ජනාධිපතිවරයා ඝාතනය කිරීම බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පැවසීය.

පාර්ලිමේන්තු විවාදයේදී අදහස් පල කරමින් ඔහු මෙසේ සදහන් කලේය.

පක්ෂනායක රැස්වීමේදී රටේ පවතින තත්වය පිළිබඳව සාකච්ඡා කරලා මේකට විසඳුම් ලබා ගන්න තමයි අදත් හෙටත් දවස් දෙක වෙන් කළේ.

මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙන්න මේ සාකච්ඡාවලින් ප්‍රතිඵලයක් තිබුණ ද කියන එකත් අපි කල්පනා කරන්න ඕනේ. අද මේ සාකච්ඡාව දිහා රූපවාහිනී තුළින් මුළු රටම බලාගෙන ඉන්නවා.

මුළු රටම අද මොකක්ද වෙන්නෙ කියලා බලාගෙන ඉන්නවා.

ජනතාවගේ විරෝධය පළ කිරීමේ අයිතිය පිළිබඳව අපට කිසි ගැටලුවක් නෑ. අපි ඒක පිළිගන්නවා.

ඒවගේම විරෝධය පළ කරන්න ඕනේ රටට යහපතක් වෙන්න මිසක් රට අරාජික කරන්න නෙමෙයි කියන කාරණාව තමයි මම හැමදාම කිව්වේ.

අද රටේ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා රටේ ප්‍රශ්නය රටේ ඉන්ධන වල ගැටලුවක් තියෙනවා, ගෑස් වල ප්‍රශ්නයක් තියෙනවා, විදුලිය පිලිබදව ප්‍රශ්නයක් තියෙනවා, මේ ප්‍රශ්න වලට හේතුව මොකක්ද කියන කාරනාව තමයි අද බන්දුල ගුණවර්ධන මැතිතුමා අද සභාවට ඉදිරිපත් කළේ.

ඒක අහගෙන ඉන්න කැමති නෑ. අද වෙනම දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නය අපි හඳුනා ගැනීම සිදු කළ යුතු වෙනවා.

මේ රටේ හැමදාම වෙච්චි දෙයක් තමයි මේ රටට ආදරය කරන රටට ආදරේ කරන නායකයා ආවහම ඒ ගොල්ල පන්නන යම් යම් කණ්ඩායමක් හැදෙනවා.

එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගේ පෞද්ගලික නිවසට ගිහිල්ලා එදා යම් කණ්ඩායම් උත්සාහ කරේ එතුමාව ඝාතනය කරන්න.

gota go home කියන මාතෘකාව ඉස්සරහට දාගෙන එදා ඒ අයගේ උත්සාහය කරගන්න බැරි වුණා. අද උත්සාහ කරනවා එතුමාව ඒ තනතුරෙන් එලවන්න.

මතක තියාගන්න ඕනේ අපි 69 ලක්ෂයක් එතුමට ඡන්දෙ දීලා තමයි ඒ ජනවරම ලබාදුන්නේ එතුමාට රට පාලනය කරන්න.

ඉතිහාසයේ අපි දැකලා තියෙනවා ජේ ආර් ජයවර්ධන මහත්තයා 83 එදා කළු ජූලිය මිනී මරන්නන් ගේ දේශය කියලා සිදුවෙච්ච කාලසීමාවේදී එතුමාටත් විරුද්ධවත් ඔය වගේම පෙළපාලි ගියා.

මම පිටකොටුව හන්දියෙ ඉඳන් බලාගෙන හිටියා ගිය පෙළපාලිය ප්‍රේමදාස මහත්තයාගේ පින්තූර උස්සගෙන එදා ජේ්. ආර් ජනාධිපතිවරයාට විරුද්ධව ගියේ.

හැබැයි එදා ඒ සිද්ධියත් මුල්කරගෙන ජේ.ආර් ජයවර්ධන ඉල්ලලා අස්වුනේ නෑ.

එවකට ජනාධිපති වරයා ඒකට මුහුණ දුන්නා.

ඒ වගේම අපේ විපක්ෂනායකතුමාගේ තාත්තා 88 89 භීෂණ කාලේ ට හොඳ හොඳට මතකයි මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි හැට දාහකට වැඩිය වැඩි පිරිසක් මැරුවා හන්දි හන්දි ගානේ ටයර් සෑ වල හාමුදුරුවරු අඳින කඩේ පිටින්ම පුච්චලා දැම්මා එදා ජනතා විමුක්ති පෙරමුණ තුණ්ඩු කෑල්ලෙන් තමයි ඇහුවේ කඩ වැහුවේ තමන්ගේ අණට කීකරු උනේ නැත්තං මරලා ලයිට් කණු වල එල්ලුවා එදා තුන්ඩු කෑල්ලෙ කරපු දේ තමයි අද සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක කරන්නේ මම දැක්කා අද අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා එතුමාගේ ඊයෙ කාරණාව පිළිබඳව පැහැදිලි කළා.

මම ඒක අභියෝගයට ලක් කරන්නේ නෑ. මා ගාව ඒ ඡායාරූප තියෙනවා මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි මේ ඡායාරූපවල ඉන්න එතුමා කතා කරන තැන පිටිපස්සේ ඉන්න කෙනයි ගම්පහ රැස්වීමට යනකොට එතුමා පිටිපස්සේ ගියේ කෙනයි දෙන්නම එක්කෙනෙක්.

එයා පිළිබඳව ද මේ වෙනකොට මම දන්නවා. මෙතුමා ගම්පහ දිස්ත්‍රික්කයේ කෙනෙක්.

එයා ඊයේ දවසේ ජා-ඇල ඉඳගෙන පණිවිඩයක් අරිනවා දැන් අපි ලෑස්තියි පාර්ලිමේන්තුව වටලන්න උඹලා වරෙල්ලා කියලා. මිනිස්සු ප්‍රකෝප කරපු පුද්ගලයා තමයි මේ ඉන්නේ.

ඊළඟට මෙතන ඇවිල්ලා මෙතන වට කරලා මෙතැන ප්‍රශ්න ඇති කරලා ඊට පස්සේ දානවා වොයිස් මැසේජ් එකක් ඒගොල්ලන්ගෙ අයට දැන් අපි මෙතන මිනිසුන්ව ඇවිස්සුවා මුන් ගේම ගහනවා අපි දැන් නැවත ජා-ඇලඅට එනවා කියලා. මේ එකම පුද්ගලයා.

මේක පිටිපස්සේ ජනතා විමුක්ති පෙරමුණ ඉන්නවයි කියන එකට සාක්ෂි තමයි මේ. මිනුවන්ගොඩත් මේ පුද්ගලයා හිටියා මේ පුද්ගලයා මොකද කරේ මෙතන වෙනම වෑන් එකක් එනවා අරක්කු ගේනවා කෑම ගේනවා මත්ද්‍රව්‍ය දෙනවා උද්ඝෝෂණය ඉන්න මිනිස්සුන්ට දෙනවා.

ඒවා පාවිච්චි කරන්න අහිංසක මිනිස්සු සාධාරණ විරෝධයක් කරද්දි තමන්ගේ විරෝධය පළ කරද්දී එතනට කඩා කප්පල් කණ්ඩායම් ඇවිල්ලා ඒ විරෝධය ආරවුලක් බවට පත්කරලා දේපල හානි කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා.

අද ෆේස්බුක් එකේ සමාජ මාධ්‍ය වල කියනවා ගම්පහ crowd එක උඩුගම්පල ප්‍රසන්නට ගහන්න ඕනේ කියලා.

බඩ මහත කළු කැත ‍ප්‍රසන්නට ගහන්න ඕනි කියල. මේක මගේ ශරීරය වෙනස් කරන්න බෑ.

මේවා අලුත් දේවල් නෙමෙයි අපිට 1977 අද මේ බණ කතා කරන සජබ මන්ත්‍රීවරු 77 මගේ පියාගේ ගේ ගිනි තිබ්බා.

මට එතකොට අවුරුදු දහයයි. අපි ගේ ඇතුලෙ හිටියෙ. මගේ පියා උඩට වෙඩි තියලා තමයි අපේ ජීවිත රැකලා දුන්නේ.

එදා අපි ඒකට මුහුණ දුන්නා 94 අපි බලයට ආපුවහම මම එතකොට දේශපාලනය කරන්නේ නෑ.

පෞද්ගලික ආයතනයක රැකියාව කළේ. එදා මගේ තාත්තට ගහපු, පිහියෙන් ඇණපු මිනිහව මම හොයන් ගියා.

මම හැමදාම කියන කතාවක් තමයි මගේ පියා බෝධිසත්වයෙක් කියන එක. හැබැයි මම නම් එහෙම නෑ.

මම එදා යනකොට උන් හැංගිලා හිටියා. මම නැති වෙලාවෙ මගේ තාත්තව හොයාගෙන ඇවිල්ලා සමාව අරන් තිබුණා.

මේවා 77 වුණේ. 94 තමයි මම මිනිහව හොයන් ගියේ.

අවුරුදු ගානකට පස්සේ අපි අදත් සූදානම් ඒකට අපි ගෙවල් වලට ඇවිල්ල ගැහුවොත් අපි ඒකට මුහුණ දෙනවා හැමදාම නත්තල් නැහැයි කියන එක හැමෝම තේරුම් ගන්න ඕනේ මේක තර්ජනයක් නෙවෙයි මේ රටේ සාමකාමීව හැමෝම කටයුතු කරන්න ඕනේ මේ දේශපාලනය කරන ආණ්ඩු පක්ෂය රොෂාන් ගේ ගෙදරට ගහනවා ගාමිණී ලොකුගේ ඇමතිතුමාගේ ගෙදරට ගහනවා අනිත් අයගේ ගහනවා හැබැයි මේකෙ මහ හොරු ටික ඉන්නවා නේ විපක්ෂයේ කාට ද ගැහුවෙ. මහ බැංකු හොරකම කරා.

මේ මෙතන අර්ජුන් ඇලෝසියස් ගේ සල්ලි ගත්තෙ නැති කෙනෙක් ඉන්නවද? මැතිවරණ වියදම් කරේ නැද්ද?

තමුන්නාන්සෙලා තමයි අර්ජුන ඇලෝසියස්ලත් එක්කහු වෙලා මහබැංකු හොරකම් කළේ. ඒ පව් තමයි අපි ගෙවන්නේ.

මේවයේ රගලා තියෙන්නෙ එව්වගෙන් උදව් ලබපු අය තමයි. හැබැයි කවුරුවත් ගහනවද ගිහිල්ලා ඒ එක්කෙනෙක්ගෙ වත් ගේකට.

අනුර කුමාර දිසානායක මහත්තයා එතනට ගිහිල්ලා ඊයේ නියම රඟපෑමක් කරා. එතුමාත් එදා යහපාලන ආණ්ඩුව වෙනුවෙන් පෙනී හිටියා.

අද කතා කරනවා දේශීය දේවල් විකුනනවා කියලා හම්බන්තොට වරාය විකුණනකොට එහෙනම් ඔලුවෙන් හිට ගන්න තිබ්බා.

හිට ගත්තද. මහ බැංකු හොරකම කරද්දි කෑගහන්න තිබ්බනෙ පාරට බස්සන්න තිබ්බ නේද මේ ආණ්ඩුවේ අයට ගැහුවට එදා හිටපු යහපාලන ආණ්ඩුව අයට ගැහුවද.

නෑ මොකද ඒ අයට ඒකෙ කොටස් තිබුණා. ඒ නිසා මේවා වැරදි විදිහට පාවිච්චි කරන්න එපා. ජනතාවට අයිතියක් තියෙනවා ඒ ගොල්ලන්ගේ සාමකාමී උද්ඝෝෂණය කරන්න.

එය සාමකාමී විරෝධතාවයක් විය යුතුයි. මේ අහිංසක විශ්වවිද්‍යාල ළමයි අවුරුදු තිහට අඩු අය.

එයාලට 77, 83 අත්දැකීම් ඔවුන්ට නෑ. 88 – 89 භීෂණ කාලේ අත්දැකීම් ඔවුන්ට නෑ.

ඒ නිසා අද මේ අය රවට්ටගෙන මහ පාරට දාලා තැන් තැන් වලට ගිහිල්ලා මේ මෝටර්සයිකල් කල්ලිය හෙල්මට් දාගෙන තමයි ජනාධිපතිතුමා නිවෙසටත් ගහන්න ගියේ.

ඔය හැම ගෙදරකටම යනකොට ඔය බයිසිකල් කල්ලි ගිහිල්ලා තමයි ඔ්වා සංවිධානය කරන්නේ.අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ වාහනයට හෙල්මට් දාගෙන ඔය නැගපු කෙනා කවුද? එයත් මේ කල්ලියේ කෙනෙක් ද?

නැද්ද කියලා අපි කොහොමද දන්නෙ. මෙව්වා ජනතාව ඉස්සරහට ගිහින් එක පදයකුත් ජනතාව නැතිතැන ගහපල්ලා මරපල්ලා කියන තව පදයකුත් එක්ක නටන්න හොඳ නෑ.

ඒ නිසා තමයි ඔවුන්ට කවදාවත් බලයට පත් වෙන්න බැරි. ඡන්දයෙන් බලයට එන්න බැරි අය රටේ අරගල කරලා බලය අල්ලන්න හදනවා.

සජබ මන්ත්‍රීවරුන්ටත් මම මේ කාරණාව කියන්න ඕනේ ආණ්ඩුවක් පිහිට වුවොත් ඔබතුමන්ලාටත් මේ වගේ තත්ත්වයක් මුහුණ දෙන්න වෙයි. නැත්තං විජේදාස රාජපක්ෂගෙන් ගත්තා වගේ බාත්රූම් එකේ දි පගාව දිලා රැකෙන්නේ වෙයි.

අනු නායක හාමුදුරුවරු ටික ලියුමක් එව්ව මේ ආකාරයෙන් ජනාධිපතිතුමාට කටයුතු කරන්න කියලා.

ජනාධිපතිතුමා විවෘත ආරාධනාවක් කරා සියලු දේශපාලන පක්ෂ වලට අනුනායක ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි කටයුතු කරන්න කියලා.

ඒ අනුනායක ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම කුණු කූඩෙට විසිකරා එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ දෙගොල්ලොම.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඡන්දෙන් පත් වෙච්ච කෙනෙක්. චමල් රාජපක්ෂ මැතිතුමා ඡන්දෙන් පත් වෙච්ච කෙනෙක්. ශෂීන්ද්‍ර ඡන්දෙන් පත් වුණ කෙනෙක්.

ඒ අයට තියෙනවා එහෙනම් මේ පාර්ලිමේන්තුව තුළ කතා කරන්න අයිතිය.

වෛරය ක්‍රෝධය මිනිසුන් අතර මේ තත්ත්වය මේ වාතාවරනය රට තුළ ඇති කරපු එක ට මේ සියලු දෙනාම වගකියන්න ඕන.

ඒ නිසා මේ 225ම එපා කියලා මතයක් හැදුවා. එහෙනම් මේ 225ට ම ගහන්න ඕන.

225 ගෙම ගෙවල් කුඩු කරන්න ඕනේ. එහෙම වෙන්නේ නෑ මොකද මේකි පිටිපස්සෙ තියෙන්නෙ දේශපාලන හස්තයක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now