ගෝඨාභය පුටින් අමතයි.. ලංකාව පුරා අඛණ්ඩව ඉන්ධන ලැබෙන දිනය මෙන්න.

Gotabaya Rajapaksa Vladimir Putin Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By Aruna Jun 28, 2022 11:09 PM GMT
Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාව දුරකතනයෙන් අමතන බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරනවා.

එහිදී රුසියාවෙන් ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් සාකච්ඡාව කරන බවද ඔහු පැවසීය.

මේ වන විටත් බලශක්ති අමාත්‍යවරයා කටාරයේ ඉන්ධන ලබා ගැනීම සඳහා සාකච්ඡාවකට ගොස් සිටින බවද පැවසූ ඔහු ඉන්දියාවද ඉතා සුබවාදී තැනක සිටි බවද සඳහන් කළේය.

ඒ අනුව එළඹෙන 10 වන දා සිට ඉන්ධන සැපයුම සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකිවනු ඇතැයි ද ඔහු කියා සිටියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හිටපු අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now