ගෝඨාභය රාජපක්ෂ බලයෙන් නෙරපීමේ කුමන්ත්‍රණය පිටුපස රාජක්ෂවරු දෙදෙනෙක්..ආන්දෝලනාත්මක හෙළිදරව්වක්.(VIDEO)

Basil Rajapaksa Gotabaya Rajapaksa Mahinda Rajapaksa Namal Rajapaksa Sri Lanka Politician
By Aruna May 15, 2024 07:39 AM GMT
Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තනතුරින් නෙරපීම සඳහා රට තුළ ඉන්ධන, ගෑස් ඇතුළු පෝලිම් නිර්මාණය කළේ හිටපු අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ බව ව්‍යවසායක දිලිත් ජයවීර මහතා අවධාරණය කර සිටිනවා.

රූපවාහිනී නාලිකාවක ඊයේ (14) රාත්‍රියේ සජීවීව විකාශය වූ “ප්‍රහාරය” දේශපාලන වැඩසටහනට එක්වෙමින් දිලිත් ජයවීර මහතා මේ බව සඳහන් කළේ ය.

පාර්ලිමේන්තුව ලබන සතියේ විසුරුවාහරියි..!!එහි ඇත්ත නැත්ත මෙන්න..

පාර්ලිමේන්තුව ලබන සතියේ විසුරුවාහරියි..!!එහි ඇත්ත නැත්ත මෙන්න..


ඒ, අනුව ඔහු මෙහිදී චෝදනා කර සිටියේ, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමේ කුමන්ත්‍රණය දියත් කරනු ලැබුවේ බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ බවයි.

එවක ආණ්ඩුව තුළ වගකිවයුතු අමාත්‍යාංශ රැසක් බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යටතේ පැවති බව සඳහන් කළ දිලිත් ජයවීර රට තුළ ඇති වූ පෝලිම්වලට එම අමාත්‍යාංශ වගකිව යුතු බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ ය.

මේ පිළිබඳ වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.