ගෝඨාභය හෙට ලංකාවට එයි?..හදිසියේම තීරණයක් ගනී..

Gotabaya Rajapaksa Sri Lanka Politician Sri Lanka
By Aruna Sep 01, 2022 05:02 AM GMT
Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට(02) දිනයේ ආපසු මේ රටට පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වනවා.

ඒ මහතා තමන් ද ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු මාලදිවයින, සිංගප්පූරුව හරහා තායිලන්තයට ගොස් එහි සති කිහිපයක් ගත කළේය.

ගෝටාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණි පසු හිටපු ජනාධිපතිවරයෙකුට හිමි වරප්‍රසාද හිමිවනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කළේය.

අගෝස්තු 24 වැනිදා ඒ මහතා මෙරටට පැමිණෙන්නේ යැයි වාර්තා වීමත් සමග සමාජ ජාල ඔස්සේ සංවිධානය කළ පිළිගැනීම් හෙට දිනයේ එයාකාරයෙන්ම නොපැවැත්වෙනු ඇති බවද වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now