ලංකාවට එන හිටපු ජනපති ගෝඨාභයට රතු එළියක්...ඉහළින් දැනුම්දීමක්..
දැනට තායිලන්තයේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිල නිවසක් ලබා දීමට නීතිමය බාධාවන් ඇතිව තිබෙන බව රජයේ ඉහළම බලධාරීන් විසින් දැනුම් දී ඇති බව වාර්තා වනවා.
ගෝටාභය රාජපක්ෂ මහතා තම ධුර කාලය අවසන් කළ ජනාධිපතිවරයෙක් නොව ධුරයෙන් ඉල්ලා අස් වූ, වගකීම අත්හල ජනාධිපතිවරයකු බැවින් ඔහුට හිටපු ජනාධිපති වරප්‍රසාද හිමි නොවන බවට ඉදිරිපත් වී ඇති නීති තර්කය මත මෙම දැනුම්දීම කර ඇත.
හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ද මෑතක දී මේ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබූ අතර යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතාට නිල නිවසක් ලබා දුනහොත් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් විය හැකි බැවිනි නිල නිවසක් ලබාදීම මේ මොහොතේ සිදු කිරීමට නොහැකි බවද දැනුම් දී තිබේ.
කෙසේ නමුත් ඔහු මෙරටට පැමිණිය හොත් ඔහුට අවශ්‍ය ආරක්ෂාව සැලසීමට හැකි බව දැනුම් දී ඇති අතර මිරිහානේ පිහිටි පෞද්ගලික නිවස සුදුසු පරිදි අලුත්වැඩියා කර දීමට හැකි බවද දැනුම් දී ඇතැයිද වාර්තා වෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |