ගෝඨාභය රාජපක්ෂ අද ලංකාවට පැමිණෙයි ?..

Gotabaya Rajapaksa Sri Lanka
By Aruna Aug 24, 2022 12:03 AM GMT
Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැප්තැම්බර් මස මුල නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

තායිලන්තයේ රැදී සිටින ඒ මහතා අද (24) නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවට මීට පෙර පැවසුව ද එම ගමන සති දෙකක් පමණ ප්‍රමාදවනු ඇතැයි තව දුරටත් වාර්තා වේ.

අද දිනයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකාවට පැමිණෙන බව මීට පෙර ප්‍රකාශ කළේ උදයංග වීරතුංග මහතා විසිණි.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සහ සෙසු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now