හිටපු ජනපති ගෝඨාභය වෙනුවෙන් පුද්ගලයෙක් දුම්රියට පැන සියදිවි නසාගනී.. ලියුමකුත් ලියලා...

Gotabaya Rajapaksa Sri Lanka Accident
By Aruna Jul 27, 2022 07:40 AM GMT
Report

මේ කතාව වාර්තා වන්නේ කිරිබත්ගොඩ ප්‍රදේශයෙන්. හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පිටවී යාම සහ ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට යන කතා අසා පුද්ගලයෙක් සියදිවි හානිකරගෙන තිබෙනවා.

ඒ පෙරේදා දිනයේදී. මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ කිරිබත්ගොඩ මායා මාවත ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි වේවැල්දෙණිය පතිරැන්නැහැලාගේ ආරියදාස නම් අයෙක්.

කොළඹ මීරිගම මන්දගාමී දුම්රියට පැන මෙලෙස ඔහු සියදිවි හානිකරගෙන තිබෙනවා.

මරණ පරීක්ෂණ කටයුතුවලදී මියගිය අයගේ දියණිය විසින් දිවිනසා ගැනීමට පෙර තම පියා විසින් ලියන ලද ලිපියක්ද ඉදිරිපත් කර තිබෙනවා.

දියණියගේ ප්‍රකාශ සටහන් කරගැනීමේදී ඇය පවසා ඇත්තේ පියා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පිටව යාම සම්බන්ධයෙන් දැඩි දුකින් කාලය ගත කළ බවයි.

එසේම විදෙස් රටකදී හිටපු ජනපතිවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන බවට පළවන පුවත් සම්බන්ධයෙන් ඔහු දැඩි ලෙස කම්පා වී සිට ඇති බවයි.

පියා සියදිවි හානිකර ගැනීම ගැන කිසිදු සැකයක් නොමැති බවත් ඇය පවසා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now