ජනපතිගේ උපන්දිනයට ගාලුමුවදොර අද සිදුවූ විශේෂ දේ මෙන්න.(VIDEO)

Galle Gotabaya Rajapaksa Gota Go Gama
By Aruna Jun 20, 2022 04:37 AM GMT
Report

ශ්‍රී ලංකාවේ 07 වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.

1949 ජූනි මස 20 වන දින උපත ලැබූ ලුතිනන් කර්නල් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවෙහි වර්තමාන ජනාධිපතිවරයායි.

ඔහු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක්, තාක්ෂණධරයෙක් සහ විශ්‍රාමික හමුදාමය නිලධාරියෙක් වේ.

2005 වර්ෂයේදී, මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනපති ධූරයට පත් වීමත් සමගම, ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවෙහි ආරක්ෂක ලේකම් තනතුර හිමිවිය.

2009 වසරේදී කොටි ත්‍රස්ථවාදීන් පරාජය කරමින්, ශ්‍රී ලංකාවේ වසර 26 ක් පැවැති සිවිල් යුද්ධය නිමා කරලීමට, ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග විශාල කර්තව්‍යය කොටසක්, ආරක්ෂක ලේකම්වරයා වශයෙන් මෙතුමා විසින් ඉටු කරන ලදී.

එසේම, 2006 වසරේ දෙසැම්බර් 1 වන දින, කොටි ත්‍රස්ථවාදීන් විසින් කොළඹදී එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් යංතමින් දිවි බේරා ගැනීමට මෙතුමාට හැකිවිය.

වර්ෂ 2019 අගෝස්තු මස 11 වනදා මහින්ද රාජපක්ෂ මහතා විසින් 2019 ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරන ලදි.

වර්ෂ 2019, නොවැම්බර් මස 16 වන දින පැවති ජනාධිපතිවරනයෙන් ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස සර්වජන ඡන්දයෙන් තේරී පත්විය.

මේ අතර අද අලුයම ගාලුමුවදොර අරගල භූමියේද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් විශේෂ සිදුවීමක් සිදුවුණා.

එහි වීඩියෝ දර්ශන පහතින් නරඹන්න.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now