ඉන්ධන ගැන ජනපතිගෙන් විශේෂ නියෝගයක්..! ජනපති මාධ්‍ය අංශයේ විශේෂ නිවේදනයක්.
Gotabaya Rajapaksa
Sri Lanka
Sri Lanka Fuel Crisis
By Sithumi
ඉන්ධන සැපයුම වෙනුවෙන් අදාළ සමාගම් වෙත ගෙවීමට ඇති මුදල් යම් සැලැස්මක් ඇතිව ගෙවීමට මහ බැංකු අධිපතිවරයා එකඟතාව පළ කර තිබේ.
දීර්ඝ කාලයක සිට මෙරටට ඉන්ධන ආනයනය කොට සැපයුම් කළ ප්‍රධාන සමාගම්වල නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර අද (27) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවති සාකච්ඡාවකදී මහබැංකු අධිපතිවරයා මෙම එකඟතාවය පළකර ඇත.
එතෙක් දැනට ඇති මුදල් භාවිත කර ඉන්ධන ආනයනයට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |
