විදුලි බල මන්ඩලයේ සභාපතිගේ ප්‍රකාශයට ජනපතිගෙන් ප්‍රතිචාර
විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ සිදුකළ ප්‍රකාශය තමා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර තිබේ. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නිශ්චිත පුද්ගලයෙකුට හෝ ආයතනයකට පිරිනැමීමේදී අධිකාරීමය බලය භාවිත කළ බවට කළ ප්‍රකාශය එලෙස තමා ප්‍රතික්ෂේප කරන බවය.
කෝප් කමිටුව හමුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා සඳහන් කර තිබුණේ,
"ජනාධිපතිතුමා පසුගිය නොවැම්බර් 27 වනදා වගේ මාව ගෙන්වලා කිව්වා.. මේ අදානි සමාගමට දෙන්න මේක. ඉන්දීය අගමැති මෝදි මට බලකරනවා මේක දෙන්න කියලා කියනවා කියලා. පස්සේ මම ඒ වෙලාවේ කිව්වා.. මේක මටවත් විදුලිබල මණ්ඩලයටත් අයිති ප්‍රශ්නයක් නෙවෙයි.. ආයෝජන මණ්ඩලයට අයිති ප්‍රශ්නයක් කියලා." "ඒ හින්දා මම ලියුමක් ලියලා දැම්මා.. මට මෙහෙම ජනාධිපතිතුමා නියෝග දෙනවා..කියලා. මුදල් අමාත්‍යාංශ ලේකම් කිව්ව මේක ඔහෙන් කරගන්න.. මේක විදුලිබල මණ්ඩලයට අයත් ප්‍රශ්නයක් නෙවෙයි කියලා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |
