Google Map එක ගැන ඔබ මෙතෙක් නොඇසූ කතාවක් මෙන්න..බිරිඳගෙයි ස්වාමියගෙයි රණ්ඩුව ගිය දුරක්..
ඕනෑම තැනකට යාමට, ඕනෑම නගරයක ඕනෑම කොනක ඔබට ඕනෑම ලිපිනයක් පහසුවෙන් සොයා ගන්නට සහ එහි යාමට කොපමණ වේලාවක් ගතවේද, ඒ සඳහා කෙටිම මාර්ගය, කුමන මාර්ගයක තදබදයට පත් වී ඇතිද, යන්න ගැන හරියාකාරව දැන ගැනීම සඳහා ගුගල් සිතියම ජනප්‍රිය මෙවලමක් ලෙස සියලු දෙනා භාවිතා කරනු ලබනවා.
මෙම ගූගල් සිතියම පිළිබඳ අදහස මුලින්ම ආවේ ගූගල් ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි මහතාටයි.
google සිතියම බිහිවීම පිටුපස ඇත්තේ අපූරු කතාවක්. සුන්දර් පිචායි ජීවත් වන්නේ ඇමරිකාවේ.
2004 වසරේදී පිචායිට ඔහුගේ හිතවතෙකු කෑමට ආරාධනා කරනවා.
සුන්දර්ට තම බිරිඳත් සමඟ යාමට සිදු වූ නිසා, ඔහු බිරිඳ සමඟ එයට සැලැස්මක් සකස් කරනවා.
සුන්දර් බිරිඳට පවසන්නේ ඔහු කාර්යාලයේ සිට කෙලින්ම රාත්‍රී ආහාරයට ආරධනා කළ මිතුරාගේ නිවසට පැමිණෙන බවත්, බිරිඳට නිවසේ සිට කෙලින්ම මිතුරාගේ නිවසට පැමිණෙන ලෙසත්ය.
සුන්දර් පිචායිගේ බිරිඳ අංජලී රාත්‍රී 8 පමණ වන විට අදාල මිතුරාගේ නිවසට පැමිණ තිබුණු නමුත්, සුන්දර් පැමිණ තිබුණේ නෑ. සුන්දර් පිචායි කාර්යාලයෙන් පිටව ආ නමුත් ඔහුට පාර සොයා ගැනීමට නොහැකි වෙනවා.
සුන්දර් පිචායි අදාළ නිවස සොයාගෙන යන විට වේලාව රාත්‍රී 10 පමණ වනවා. පිචායි එහි යන විට ඔහුගේ බිරිඳ එතැනින් රාත්‍රී ආහාරය ගැනීමෙන් පසු පිටව ගොස් තිබුණා.
සුන්දර් පිචායි ද එතැනින් කිසිවක් නොකා ඔහුගේ නිවසට ගියා. ඔහු නිවසට ගියවිට බිරිඳ අංජලී ඔහු සමඟ හොඳටම රණ්ඩු වුණා.
සුන්දර් නියමිත වේලාවට නොපැමිණීම නිසා ඇය අපහාසයට ලක් වුණු බව කියා අංජලී බැනවැදුනා.
බිරිඳගේ හැසිරීම් තේරුම් ගත් සුන්දර් නැවත ඔහුගේ කාර්යාලයට යාමට තීරණය කළා.
සුන්දර් නැවත කාර්යාලයට පැමිණ මුළු රාත්‍රියම එහි ගත කළා.
මුළු රාත්‍රිය පුරාම ඔහු සිතුවේ එකම දෙයක් ගැනයි.
ඒ තමාට පාර සොයා ගැනීමට අපහසු වූවා වගේම තවත් කී දෙනෙකුට ඒ අත්දැකීමට මුහුණ දෙන්නට සිදුවෙනවාද යන්නයි.
කිසිඳු ආකාරයකින් අතරමං නොවී සිටීම කෙතරම් හොඳ දෙයක්ද කියා සුන්දර්ට සිතුණා.
මුළු රැයම කල්පනා කරමින් සුන්දර් සිතුවේ සිතියම සාක්කුවේ තිබේ නම් සහ දිශාව නිවැරදිව බලාගෙන නිවැරදි සිථානය සොගැනීමට හැකියවා තිබෙනවා නේද කියායි.
පසුදා උදෑසන සුන්දර් පිචායි සිය මුළු කණ්ඩායමම කැඳවා සිතියමක් සෑදීමේ අදහස සියලු දෙනා ඉදිරියේ පැදසූවා.
මෙම අදහස ඇසීමෙන් කණ්ඩායම පුදුම වුණා. ඔහුගේ කණ්ඩායම එම අදහස විශ්වාස නොකළත් සුන්දර් පිචායි සමඟ අඛණ්ඩව දින දෙකකට ආසන්න කාලයක් මේ පිළිබඳව කතාකළා.
සුන්දර් පිචායි සහ ඔහුගේ කණ්ඩායම වෙහෙස මහන්සි වී 2005 දී ගූගල් සිතියම සාදා නිමකළා.
ඇමරිකාවෙන් ආරම්භකර එය 2006 දී එංගලන්තයටත් 2008 දී ඉන්දියාවේදීත් අත් හදා බැලුවා.
ඔවුන් විසින් සාදන ලද සිතියම් මඟින් මුළු ලෝකයටම නිවැරදි මාවත පෙන්වන කාර්යය සිදු කරන බව දැන් ඔබ දැනටමත් දන්නවා.
එක් සංඛ්‍යාලේඛනයකට අනුව, ලොව සෑම පුද්ගලයින් හත් දෙනෙකුගෙන් එක් අයෙක් ගූගල් සිතියම් භාවිතා කරනවා.
උපුටා ගැනීම - අන්තර්ජාලයෙන්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |