පාන් රාත්තලක් රුපියල් 1790?.. - දෙසැම්බර් වෙනකොට සිදුවෙන්න යන භයානක තත්ත්වයක් ගැන අණාවරනයක්..

Sri Lanka
By krishani Jun 15, 2022 05:04 AM GMT
Report

ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින දැඩි උද්ධමනය මෙලෙසම දිගින් දිගටම ඉහළ ගියහොත් දෙසැම්බර් මස වන විට පාන් රාත්තලක මිල රුපියල් 1790ක් වනු ඇති බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල් සුනිල් ජයන්ත නවරත්න මහතා පවසයි.

මාර්තු මාසය වන විට මෙරට උද්ධමනය 18.2ක් බවත් එය අප්‍රේල් වන විට 33.3%ක් දක්වා ඉහළ ගොස් ඇති බව මෙන්ම මෙලෙස සෑම මසක් අවසානය වන විට උද්ධමනය 30% කින් ඉහළ ගියහොත් දැන් රු.100කට අලෙවි කරන සෑම භාණ්ඩයක්ම දෙසැම්බර් මස වන විට රුපියල් 1790ක් වනු ඇති බව ඔහු පවසයි.

මෙය අධික උද්ධමන තත්ත්වයක් බැවින් එය ඉතාමත් භයානක බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join