ඔයත් ඔයාගේ දරුවට ආදරෙයි නම් අනිවාර්යයෙන්ම එයාගේ අනාගතය වෙනුවෙන් වහාම නතර කළයුතු පුරුදු 05ක්...
01.හැමවෙලේම දරුවන්ට එපා කියලා කියන්න එපා. අපි එහෙම කරන්නේ නෑ කියලා කියන්න පුරුදු වෙන්න. මොකද, එපා කිව්වහම දරුවන්ට දෙමව්පියන් ගැන ඇති ආරක්ෂිත හැඟීම ටිකෙන් ටික නැති වෙලා යන නිසා.
02. නැන්දලට, මාමලට සහ ඕනෙම කෙනෙකුට හායි කියන්න කියලා ඔබේ දරුවාට කවදාවත් බල කරන්න එපා. බැරි වෙලාවත් දරුවන් ඔවුන්ට මනාපයක් දක්වන්නේ නැත් නම්, ඔබේ බලකිරීම හමුවේ දරුවාගේ කෝපය සහ ආක්‍රමණශීලීත්වය වර්ධනය වෙන්න පුළුවන්.
03. දරුවාගේ වැරදි හැසිරීම් හමුවේ ඔවුන් සමඟ කතා නොකර එපා. ඔවුන්ට කියන්න එපා මම ඔයත් එක්ක ආයෙ කතා කරන්නේ නෑ කියලා. මොකද, එය ඔබේ දරුවාට ඉතා අනාරක්ෂිත හැඟීමක් ඇති කරන ගමන්ම, ඔබ ඔවුන්ව අත්හැරීය හැකි යැයි ඔවුන් නිතරම බිය වෙන්න පටන් ගන්න නිසා.
04. ඔයා පංතියේ පළවෙනියා වුණු නිසා අම්මට ගොඩක් සතුටුයි. අම්මයි තාත්තයි සතුටු වෙන්නේ ඔයා දිනපු දවසටයි. දරුවන්ගේ ජයග්‍රහණ හමුවේ එවැනි දේවල් නම් කියන්නම එපා.
ඔවුන්ගේ ජයග්‍රහණයට දෙමව්පියන් වශයෙන් සුභ පැතීමට පුරුදු වෙන්න. නැත්නම් ඔවුන්ට ඒ නිසා විශාල පීඩනයක් ඇති කරන අතර, ඔබ ඔවුන්ගේ වලට ආදරය කරන බව මිස ඔවුන්ට ආදරය නොකරන බව හැඟීමට පටන් ගන්න නිසයි.
05. ඔබේ දරුවා ඉදිරියේ පෞද්ගලිකවම වෙනත් දරුවන් ගේ දක්ෂතා අගය කිරීමෙන් වළකින්න. සියල්ලන්ටම සුවිශේෂී වූ දක්ෂතාවයන් ඇති අතර, ඔබ දෙමව්පියන් වශයෙන් ඔවුන්ගෙ එම හැකියාවන් සොයා ගැනීමට උත්සාහ කරන්න.
නැතිනම් ඔවුන් වෙනත් කෙනෙකු මෙන් වූ විට පමණක් ඔබ ඔවුන්ට ආදරය කරන බවත්, ඔවුන් ඔබට ප්‍රමාණවත් නොවන බවත් ඔවුන්ට හැඟීමට පටන් ගන්න නිසයි..
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%