Gohomegota නමින් සැරසුණු අලුත්ම දේ මෙන්න.. (VIDEO/PHOTOS)

srilanka Gohomegota
By Sithumi Apr 13, 2022 06:13 PM GMT
Report

ගාලු මුවදොර අඛණ්ඩව පස්වැනි දිනටත් පැවැත්වෙන ආණ්ඩු විරෝධි නිර්පාක්ෂික අරගලකරුවන් විසින් කොළඹ වරාය නගරයේ ප්‍රධාන පිවිසීමේ දොරටුව අසල විශාල පුවරුවක් සවිකර ඇති අයුරු දක්නට ලැබෙනවා.

ඒ වර්ණවත් වූ විදුලි පහන් ආලෝක ද භාවිත කරමින්, ''GO HOME GOTA'' යනුවෙන්. මීට දින කිහිපයකට පෙර ද ගාලු මුවදොර අව් වැසි නොතකා රැඳී සිටින අරගලකරුවන් විසින් ''ගෝඨාගෝගම'' යනුවෙන් ද නව ගම්මානයක් සාදා නම්කොට තිබෙන අයුරු දක්නට ලැබුණා. 

 මේ වනවිට ඒ නමින් ගාලු මුවදොර අරගල භූමියේ ''ගෝඨාගෝගම විද්‍යාලය'' නමින් නව විද්‍යාලයක් විරෝධතාකරුවන් විසින් නිර්මාණය කර ඇති අයුරු දක්නට ලැබෙනවා. එමෙන්ම රටක නව පරපුරක සාක්ෂරතාව වගේ ම, ඔවුන්ගේ දියුණු ආකල්පවලට මූලික පදනම ලබාදෙන ''පුස්තකාලයක්'' ද මෙම නව ගම්මානයේ ඊයේ දින විවෘත කෙරුණා.

එහි විශේෂත්වය නම්, පැමිණෙන සෑම අයෙකුටම දැනුම ලබාගැනීමට අවැසි නම්, පුස්තකාලයට පැමිණ පොතක් ගෙන කියවීමට ඉඩ ලබා දීමයි. එමෙන්ම, මෙම අරගලයට එන සෑම අයෙකුට ම ඊට අවශ්‍ය කරන ඕනෑම දෙයක් රැගෙන සිය අරගල බිමට ඇති දායකත්වය ද ඊට ලබාදිය හැකි වනවා. මෙම නව ගම්මානයේ දිනෙන් දින ඇරඹෙන නවාංග පිළිබඳ සේයා රූ සමාජ මාධ්‍ය ජාලවල මේ දිනවල වැඩි වශයෙන් සංසරණය වන අයුරු ද දක්නට ලැබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now