රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් දැඩි තීරණයක් ගන්න යයි..

Ministry of Health Sri Lanka GMOA Sri Lanka National Health Service
By Aruna Aug 20, 2023 07:07 AM GMT
Report

වෛද්‍යවරුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිනම් විසඳුම් ලබානොදුනහොත් ඉදිරියේ දී දැඩි ක්‍රියාමාර්ගවලට යොමු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටිනවා.

ගැටලු විසඳීම වෙනුවට සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍යවරුන් බියගැන්වීමට උත්සාහ දරමින් සිටින බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළා.

ඉදිරි දින කිහිපය තුළ සිය ගැටලුවලට විසඳුම් ලබානොදෙන්නේ නම්, වෙනස්ම ආකාරයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට වෛද්‍යවරුන් තීරණය කර ඇති බවයි වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.