ඔබේ දරුවාටත් සරම්ප එන්නත ලබා දුන්නද..? දරුවන්ට සරම්ප එන්නත ලබා දීම ගැන වෛද්‍ය සංගමයෙන් විශේෂ නිවේදනයක්..!

Measles World Health Organization Ministry of Health Sri Lanka GMOA Sri Lanka
By Sewvandhi Jan 06, 2024 10:52 AM GMT
Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, අවිද්‍යාත්මක මතවාදවලින් බැහැරව දරුවන්ට සරම්ප එන්නත් ලබාදීමට මව්පියන් කටයුතු කළ යුතු බවයි.

අද (06) දින පැවැත්වෙන එන්නත්කරණ වැඩසටහනේදී,  විවිධ හේතු මත එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කළ මාස 9ත් අවුරුදු 15ත් අතර දරුවන්ටද සරම්ප එන්නත් ලබාගැනීමට අවස්ථාව හිමිවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ් සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා,

"මිත්‍යා විශ්වාස මෙන්ම ආගමික ඇදහිලිත් සමග සමාජයේ යම් යම් කොටස් අතර මේ එන්නත් ලබාගත යුතු නැහැයි කියලා කාලක් තිස්සේ අදහස් තිබුණා. පසුගිය කාලය තුළ ඒ මිත්‍යා විශ්වාස වැඩිවීමක් සිදුවෙලා තියෙනවා. මේ කියන කාරණා එක්ක තමයි අද දවසේ නැවතත් සරම්ප හිස ඔසවන තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ."

"සරම්ප එන්නත ලබාගත යුතු වයසේ ඉන්න සරම්ප එන්නත ලබා නොගත් දරුවෝ සමාජයේ 7500කට ආසන්න පිරිසක් සැරිසරවා කියලා අනුමාන කරනවා. මිලියන 22 ක ජනගහනය අවදානමට ලක් කරලා තියෙන්නේ මේ කුඩා සංඛ්‍යාව."

Sponsored By Sarrita Jewellery

රත්තරන් කොච්චර ගණන් ඉස්සුවත් - අඩුම ගානට රනින් බැබලෙන්න මෙන්න හොදම තැන