අවුරුදු දා වෙඩි කෑ ගිරිතලේ දියණිය දින 14කට පසු මියයයි.

Sri Lanka Police Shooting Murder
By Wayomi Apr 29, 2024 04:37 AM GMT
Report

සිංහල අලුත් අවුරුදු දා (14) මින්නේරිය ගිරිතලේ ප්‍රදේශයේ නිවසකට පැන සිදු කළ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලැබූ 17 පාසල් සිසුවිය දින 14 කට පසු ජීවිතක්ෂයට පවත් තිබෙනවා.

එම වෙඩි පහරින් බරපතල තුවාල ලැබූ ඇය අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා එහිදී ශෛල්‍යකර්මයකට භජනය කර නැවතත් පොලොන්නරුව මහ රෝහලටම මාරු කර ඒවා තිබුණි.

එහිදී පොලොන්නරුව මහරෝහලේ දැඩිසත්කාර එකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, ගිරිතලේ ලිපිනයේ පදිංචි ජි.ජි කෝෂලා චමෝද්‍යා බණ්ඩාර නමැති 17 හැවිරිදි තරුණියක්.     

..........................................................................

May you Like



Gallery