ජාතික පාසලක ළමුන් හා ගුරුවරුන් Covid ආසාදිත වෙයි..පන්ති දෙකක් වසා දමයි...

Covid19 Ginigathhena National school upul Indrajith
By Sewvandhi Jan 18, 2022 06:47 AM GMT
Report

ගිනිගත්හේන ජාතික පාසලේ ළමුන් 08 දෙනෙකුට සහ ගුරුවරුන් 03 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය විම නිසා එම සිසුන් අධ්‍යාපනය ලබන 10 සහ 11 පන්ති තාවකාලිකව වසා දමා මුළු පාසලම විෂබිජහරණයට ලක් කළ බව එම පාසලේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතා පැවසිය. 

 පාසල් ළමුන් පිරිසකට සහ ගුරුවරුන්ට වෛරසය අසාදනය වු නිසා අද (18) දින පාසලට ළමුන් 150 දෙනෙකු පමණ පැමිණි බවත්, ඉන් රෝග ලක්ෂණ සහිත සිසුන් පිරිසක් ආපසු නිවාස කරා යොමු කල බවත්, පාසලේ ගුරුවරුන් 63 දෙනෙකු පමණක් (18) දින පාසලට පැමිණ ඇති බවයි විදුහල්පතිවරයා කීවේය. 

පාසලට නොපැමිණි ළමුන් වෙනුවෙන් සුම් තාක්ෂණය ඔස්සේ අධ්‍යන කටයුතු සිදු කිරිමට පියවර ගෙන ඇති බවත්, අසාදිත ළමුන් සහ ගුරුවරුන්ගේ ළගම ආශ්‍රිත සිසුන් සහ ගුරුවරුන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගෙන ඇති බවද විදුහල්පතිවරයා පැවසිය.

පාසලේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද විධිමත් කර ඇති බවත්,අසාදිත ළමුන්ගේ ළගම ආශ්‍රිත ළමුන් 500 දෙනෙකු පමණ නිවාස වල රදවා ඇති බවද විදුහල්පතිවරයා පැවසිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now