ත්‍රීරෝද රථ, දුම්රිය හා පාසල් ප්‍රවාහන සේවය ගැන රජයෙන් විශේෂ තීරණයක්..!
Bandula Gunawardane
Sri Lanka Cabinet
Government Of Sri Lanka
Transport Fares In Sri Lanka
By Sewvandhi
රජය විසින්, දුම්රිය, ත්‍රීරෝද රථ සහ පාසල් ප්‍රවාහන සේවා ගාස්තු ඇතුළු ප්‍රවාහන කේෂ්ත්‍රයට අදාළ ගාස්තු පිළිබඳ තීරණ ගැනීමේ බලය ජාතික ගමනාගමන කොමිසමට ලබාදීමට තීරණය කර තිබේ
අද (02) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මීට අදාළ පනත වෙනස් කිරීම සඳහා මේ වනවිට නීතිපතිවරයා වෙත අදාළ ලියකියවිලි යවා ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙහිදි කියා සිටියේ,ඊයේ (01) දිනයේ දී ප්‍රවාහන කේෂ්ත්‍රයට අදාළ ගාස්තු පිළිබඳ තීරණ ගැනීමේ බලය ජාතික ගමනාගමන කොමිසමට ලබාදෙන ලෙස දන්වමින් තමා කැබිනට් පත්‍රිකාවක් ලබාදුන් බවයි.
එහිදී වඩාත් සාධාරණ ලෙස මිල ප්‍රතිපත්තියක් ඇති කළ හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.