හෙට හිටපු ජනපති ගෝඨාභය දිවයිනට...?

By Sithumi Sep 02, 2022 04:58 PM GMT
Report

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(02) රාත්‍රියේ දිවයිනට පැමිණීමට බොහෝ දුරට ඉඩ පවතින බව වාර්තා වී තිබෙනවා.

අද රාත්‍රියේ හෝ හෙට උදෑසන කාලයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණෙන බව විදෙස් මාධ්‍ය කිහිපයක්ම ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් ඔහු මෙරටට පැමිණෙනු ඇති. කෙසේ වෙතත් තවත් විස්වාසනීය දේශපාලන ආරංචි මාර්ගයකින් වාර්තා වූයේ පෞද්ගලික ජෙට් යානයකින් මත්තල ගුවන් තොටුපළින් ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණෙන බවයි. කෙසේ වෙතත් මෙතෙක් කිසිදු පාර්ශ්වයකින් එම තොරතුර නිළ වශයෙන් තහවුරු කළේ නැහැ.

GalleryGallery