යාල රක්ෂිතයේ කෘමි විශේෂ දඩයම් කරමින් ජාන සොරකම් කළ විදේශිකයින් අත්අඩංගුවට...

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Hambantota Prisons in Sri Lanka
By Gagana May 09, 2024 05:19 PM GMT
Report

යාල රක්ෂිතයේ ජිවත්වන කෘමි විශේෂ දඩයම් කර ජාන සොරකමේ යෙදී සිටි ඉතාලි ජාතික පිය පුතු දෙපළක් යාල කටගමුව වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පිළිබඳව යාල ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න සඳහන් කළේ, සමනළුන්, බත් කූරන් ඇතුළු කුඩා කෘමින් අල්ලා මරණයට පත්කර, රසායනික ද්‍රව්‍ය යොදා අසුරා විදේශ රටකට ගෙනයාම සඳහා සූදානම් කර තිබූ බහාලුම් සියයකට ආසන්න ප්‍රමාණයක් එහි දී සොයා ගත් බව ය.

තව ද, සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී දින කිහිපයක් තුළ ජීවග්‍රහයෙන් අල්ලා මරණයට පත් කළ ජීවීන් වර්ග 400කට ආසන්න ප්‍රමාණයක් රසායනික ද්‍රව්‍ය යොදා අසුරා තිබු බව අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් ,එම පිය පුතු දෙදෙනා ජාන සොරකම් කිරීම පිලිබඳ හසල දැනුමක් ඇති තැනැත්තන් බව පැහැදිලි ය.

ඒ අනුව, වනජීවී වෘක්‍ෂලතා ආඥා පනතට අනුව ආරක්ෂිත කොඳු ඇට පෙළ රහිත සතුන් ගණයට වැටෙන මෙම සතුන් සියල්ල ම ආරක්ෂිත සතුන් වන අතර, ආවේණික සහ ආවේණික නොවන සතුන්ද, මේ අතර සිටින බවත් එබැවින් ,එක් සතෙකු වුවද අල්ලා ගැනීම, මැරීම, සන්තකයේ තබා ගැනීම, ප්‍රවාහනය කිරීම ඇතුළු චෝදනා ගණනාවක් යටතේ අධිකරණයට කරුණු වාර්තා කරන බවත් උද්‍යාන භාරකරු වැඩිදුරටත් පැවසී ය.

යාල සෆාරි ජීප් රථ රියැදුරකුගෙන් ලද තොරතුරකට අනුව සිදු කළ මෙහෙයුමක දී පසුගිය 04 වන දින ඉතාලියේ සිට මෙරටට පැමිණි 58 හැවිරිදි වෛද්‍යවරයකු වන ලුයිගි ෆෙරාරි නම් අයෙක් සහ ඔහුගේ පුතකු වන 28 හැවිරිදි නතියා ෆෙරාරි

ඉංජිනේරුවරයකු වීමට සිටින පුද්ගලයකු බවට වාර්තා වී ඇති අතර, මොවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර ද වනජීවී නිලධාරින් සන්තක වී ඇත.

අදාළ සැකකරුවන් තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.