රටටම සුබ ආරංචියක් ගැන ජනපති කාර්යාලයෙන් නිවේදනයක්.!!!

Presidential Secretariat of Sri Lanka Sri Lanka Litro Gas
By Aruna Jul 10, 2022 06:13 AM GMT
Report

ගෑස් රැගත් නෞකාව මෙරට මුහුදු තීරයට ළඟා වූ බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ගෑස් මෙට්‍රික් ටොන් 3,740ක් රැගත් දෙවන නෞකාව හෙට (11) සන්ධ්‍යාවේදී මෙරටට පැමිණීමට නියමිත බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

අද පැමිණි නෞකාව පස්වරු 3ට කෙරවලපිටියට පැමිණීමෙන් පසු ගෑස් ගොඩබෑම සහ බෙදාහැරීම කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ගෑස් මෙට්‍රික් ටොන් 3,200ක් සහිත තෙවන නෞකාව ජුලි (15) මෙරටට පැමිණෙන අතර මේ මස සඳහා ඇණවුම් කර ඇති ගෑස් මෙට්‍රික් ටොන් ප්‍රමාණය 33,000ක් බවයි ජනාධිපති කාර්යාලය පැවසුවේ.

ජුලි 12 වනදා සිට ගෑස් බෙදාහැරීම සාමාන්‍ය පරිදි සහ ක්‍රමානුකූලව සිදුවන අතර ගෘහස්ථ ගෑස් ඉල්ලුම සම්බන්ධයෙන් පැවති ගැටලුව මේ මස අවසන් වන විට සම්පූර්ණයෙන් මගහැරෙන බව ද ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now