අද සිට ගෑස් බෙදාහැරීම නවතා දමයි..

Sri Lanka Litro gas Gas deliver
By Aruna Apr 13, 2022 06:25 AM GMT
Report

අද(13) සිට මෙම මස 17 වන දින දක්වා මුතුරාජවෙල ලිට්ට්‍රෝ ගෑස් පර්යන්තයෙන් ගෑස් ගොඩබෑමේ හා බෙදා හැරීමේ කටයුතු තාවකාලිකව නවතා ඇති බව ලිට්ට්‍රෝ සමාගම පවසනවා.

එය නැවත විවෘත කෙරෙන්නේ, බලාගාරය අප්‍රේල් 18 වැනි දා යි.

ගෑස් මිල වැඩි කිරීමට අවස්ථා ගණනාවකදී අවසර ඉල්ලුවද දිගින් දිගටම ගෑස් මිල වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය අවසර ලබා නොදීම සහ ගෑස් සපයනු ලබන සමාගම් වෙත හිඟව තිබෙන ඩොලර් මිලියන 10ක මුදල ගෙවන තෙක් ඔවුන් ගෑස් සැපයීම අත්හිටුවා ඇති බවටයි වාර්තා වන්නේ

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now