ගෑස් අලෙවි කරන අයට විශේෂ දැනුම්දීමක්..!
ගෘහස්ථ ගෑස් සිලින්ඩර අලෙවි කිරීමේදී අදාළ මිල ගණන් වෙළෙඳසැල තුළ ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
නියමිත මිල ගණන්වලට වඩා ඉහළ මිලකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර අලෙවි කරන බවට පැමිණිලි ලැබී ඇති බව එම අධිකාරිය සඳහන් කරයි.
ඒ අනුව ගෑස් අලෙවි නියෝජිතයින් විසින් ගෑස් අලෙවි කරන මිල ගණන් පාරිභෝගිකයින්ට ඉතා හොඳින් පෙනෙන ආකාරයෙන් ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බව සඳහන්ය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වාදෙන්නේ ගෑස් අලෙවි නියෝජිතයින් නියම කර ඇති මිල ගණන්වලට වඩා වැඩි මිලට ගෑස් සිලින්ඩර අලෙවි කිරීම සහ ගෑස් තොග තබාගෙන අලෙවි කිරීම ප්‍රතික්ෂේප කිරීම ද සිදුනොකළ යුතු බවය.
වැඩි මිලට ගෑස් සිලින්ඩර අලෙවි කරන සහ ගෑස් තොග තබාගෙන අලෙවි කිරීම ප්‍රතික්ෂේප කරන වෙළඳුන් සොයා දිවයින පුරා වැටලීම් සිදුකරන අතර අදාළ වෙළඳුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |