මෙරට බස්රථ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට - ප්‍රදේශවාසීන් බස් රථයට ගිනි තබයි..(PHOTOS)

Sri Lanka Accident
By Sewvandhi Jul 11, 2022 09:59 AM GMT
Report

ගම්පොල සිට පුස්සැල්ලාව දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් කාච්චමලේ - වීඩන් ප්‍රදේශයේදී අනතුරට ලක්වී එහි දෙදෙනෙකු මියයාමත් සමඟ කිසියම් පිරිසක් බස් රථයට ගිනි තබා තිබෙනවා.

මෙහිදී ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 39 සහ 20 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක්. පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මෙම බස් රථයේ විශාල පිරිසක් ගමන් කර ඇති අතර, පා පුවරුවේ ද ඒ වනවිට මගීන් විශාල සංඛ්‍යාවක් රැඳී සිට තිබෙනවා.

එක්වරම බස් රථය මාර්ගයේ පැති බැම්මකට හේත්තු වීමෙන් මගීන් ඒ තුළ සිර වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කෙසේ වෙතත් සිද්ධියත් සමඟ එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් සහ ඇතැම් මගීන් බස් රථයට මෙලෙස ගිනි තබා තිබෙනවා.

( ඡායාරූප අයිතිය - Accident 1st)

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery