සුනාමි යන්ත්‍රයට හසුවී හිස කඳින් වෙන්වූ තිදරු පියා
Sri Lanka
Accident
By Sithumi
ගල්නෑව මිදෙල්ලව ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි වියේ පසුවූ තිදරු පියෙක් ,වී අස්වැන්න නෙළීමට භාවිත කරන සුනාමි යන්ත්‍රයට හසුවීමෙන් සිදුවූ බිහිසුණු අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගොස් ඇති පුද්ගලයා බදු පදනම මත ලබාගත් කුඹුරක අස්වනු නෙළීමට ගොස් ඇති අතර එහිදී අයහපත් කාලගුණය හේතුවෙන් යන්ත්‍රය නැවත්වීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වනවා.
එහිදී සුනාමි යන්ත්‍රයේ ක්‍රියාත්මක වෙමින් පැවති බෙල්ට් කොටසකට හසුවීමෙන් ඔහුගේ හිස කඳෙන් වෙන්වීගොස් මෙම බිහිසුණු අනතුර සිදුව තිබේ.
ගල්නෑව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |