ගාලු මුවදොර විරෝධතාවට නොකරන වැරදි වලට නියෝග ගන්න ගිය පොලිසිය අධිකරණයෙන් අහගනී

Galle Face Protest Gotabaya Rajapaksa Sri Lanka Economic Crisis Gota Go Home 2022 SL Protest
By Sewvandhi Apr 23, 2022 02:19 PM GMT
Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවට එරෙහිව ගාලු මුවදොර පිටියේදී විරෝධතාවයේ නිරත පිරිසට ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමෙන් වළකින්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස කොටුව පොලීසීය කළ ඉල්ලීම, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එම්.ඒ. ප්‍රභාකරන් මහතා අද (23) ප්‍රතික්ෂේප කර තිබේ. එම විරෝධතාවය මෙහෙයවන 16 දෙනෙකුගේ නම් අධිකරණයට ඉදිරිපත් කරමින් කොටුව පොලීසීය පෙන්වා දුන්නේ,

පුරා දින ගණනාවක් තිස්සේ දහස් සංඛ්‍යාත පිරිසක් ගාලු මුවදොර පිටියේ රැස්වී විරෝධතාවක නිරතවීමෙන් දැඩි මහජන පීඩාවක් මෙන්ම පොදු දේපොළවලට හානි කිරීමේ ප්‍රවණතාවක් පවතින බවය.

එම විරෝධතාවට එරෙහි පිරිස සහ විරෝධතාකරුවන් අතර යම් ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින බව ද අධිකරණයට පෙන්වා දුන් කොටුව පොලීසීය, එම විරෝධතාව මෙහෙයවන 16 දෙනාට සුදුසු නියෝගයක් දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

යම් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් හෝ මහජන පීඩාවක් සිදුවීමට පෙර විරෝධතාකරුවන්ට නියෝග පැනවීමේ හැකියාවක් නොමැති බව පෙන්වා දුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා, එවැනි නීතිවිරෝධී ක්‍රියාවක් වන්නේ නම් පොලිස් ආඥා පනත අනුව නිසි පියවර ගැනීමේ බලය පොලිසීයට හිමි බව ද, කොටුව පොලීසියට පෙන්වා දෙන ලදී . විරෝධාතකරුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා අධිකරණයට නීතිඥයින් විශාල පිරිසක් පැමිණ සිටි බව ද අප වාර්තාකරු සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now