ඇප ලැබුණද අරගලකරුවන් බන්ධනාගාරයෙන් පිටව යෑම ප්‍රතික්ෂේප කරයි..!

Galle Face Protest Sri Lankan protests SL Protest
By Sewvandhi Jun 24, 2022 11:24 AM GMT
Report

රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින රංගන ශිල්පී ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ සහ එරංග ගුණසේකර යන පුද්ගලයින්ට අද (24) අධිකරණයෙන් ඇප නියම කෙරුණි.

ජුනි මස 9 වනදා පොලිස් මූලස්ථානය ඉදිරිපිටට පැමිණ නීති විරෝධී රැස්වීමක සාමාජිකයින්වෙමින් රජයේ දේපළවලට හානි සිදුකර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධී බලහත්කාරය පෑම හේතුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාරගත කර කෙරුණි.

කෙසේවෙතත් අදාළ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින ළහිරු වීරසේකර, රතිඳු සේනාරත්න (රැට්ටා) සහ රත්කරව්වේ ජිනරතන හිමියන් ට ඇප හිමිනොවීය. ඒ අනුව පිරිසකට ඇප නොලැබීම හේතුවෙන් ඇප ලැබුණු සිව්දෙනා බන්ධනාගාරයෙන් පිටවයෑම ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නීතීඥ නුවන් බෝපගේ මහතා සඳහන් කළේ,

"ගාලු මුවදොර ප්‍රහාරය එල්ල කළ වරදකරුවන් අත්අඩංගුවට නොගැනීමට එරෙහිව විරෝධතාවයක් දැක්වූවා."

"මේ අත්අඩංගුවට ගත් අය වෙනුවෙන් කොටුව අධිකරණයට අද මෝසමක් ඉදිරිපත් කරලා ඇප අයදුම්පතක් ඉදිරිපත් කළා." "ඒ අනුව අධිකරණය මේ අරගලකරුවන්ගෙන් 4 දෙනෙකුට පමණක් ඇප ලබාදීමට තීරණය කළා."

"අරගලකරුවන් තුන්දෙනෙකුට ඇප ලබාදීම අධිකරණය ප්‍රතික්ෂේප කරන්නේ පැවැති අරගල ගණනාවක ඔවුන් ඉදිරියෙන් ඉඳලා සටන් කිරීම නිසා පොලීසිය ගොනු කරපු නඩු වාර්තා නිසා."

"එකී නඩු ගණනාවක් තිබීම සම්බන්ධයෙන් ළහිරු වීරසේකර, රතිඳු සේනාරත්න (රැට්ටා) සහ රත්කරව්වේ ජිනරතන හිමියන්ට අද ඇප ලබාදීම අධිකරණය ප්‍රතික්ෂේප කරනවා."

"ඒ තීරණය අද අපි බන්ධනාගාරයට පැමිණිලා ඒ අයට දැනුම්දුන්නා. ඔවුන් අධිකරණයේ තීරණයට ගරුකරන ගමන් ඔවුන් ඒකමතික තීරණයක ඉන්නවා මේක සාමූහික අරගලයක් නිසා සියලුදෙනාටම ඇප ලැබෙන තුරු ජුලි 01 වනදා දක්වා තවදුරටත් බන්ධනාගාරයේ ඉඳලා නැවතත් අධිකරණයට කරුණු වාර්තා කරන්න."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now