අරගල භූමියට ආ මාධ්‍යවේදීන් කළ වැඩේ මෙන්න.
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත් වන ලෙසට බල කරමින් ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාවයේ 11වන දිනය අදයි.
ඊයේ (18) රාත්‍රීයේත් විශාල පිරිසක් විරෝධතා දැක්වීම සඳහා එක්ව සිටි බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට වහාම ඉවත් වන ලෙසට බල කරමින් ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන මහජන විරෝධයට ඊයේ පස්වරුව වනවිට සිටම විශාල පිරිසක් සහභාගි වුණි.
මාධ්‍යවේදීන් පිරිසක්ද මෙහිදී විරෝධතාවයේ නිරත වුණි.
එමෙන්ම වේදීකා නාට්‍ය සහ සංගීත ප්‍රසංගයකුත් ඊයේ රාත්‍රීයේ පැවැත්වුණා.
පසුගියදා අරගල භූමියේදී හදිසි අසනීප තත්ත්වයකින් මියගිය රැප් ගායක ශිරාස් ශිරාස් සිහිකිරීමත් මෙහිදී සිදුකිරීම විශේෂත්වයක්.
අවසානයේ මල් වෙඩි සංදර්ශනයක්ද පැවැත්වුණි.
මේ අතර ආණ්ඩුවට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගය ආරම්භ කළ විරෝධතා පා ගමනේ අවසන් දිනය අදයි.
“ජනපීඩක ආණ්ඩුව පන්නමු” යන තේමාව යටතේ බේරුවල නගරයෙන් පෙරේදා ආරම්භ කළ විරෝධතා පාගමන ඊයේ මොරටුව දක්වා පැමිණියේය.
අද එම පා ගමන මොරටුව නගරයේ සිට කොළඹ පුරහල දක්වා පැමිණීමට සැලසුම් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |