කෝටි 3.5ක වාහන පොලිස් භාරයට - සියල්ලන් පුදුම කළ දැවැන්ත මෙහෙයුමෙන් සොයා ගත් දේ..

Nihal Talduwa Police spokesman Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Dec 22, 2023 12:29 PM GMT
Report

වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය විසින්,  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු විසින් උපයාගත් දේපළ කිහිපයක් අද (22) දින සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව නීතිවිරෝධී සිය භාරයට ගෙන තිබේ.

එම මෙහෙයුම සඳහා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද පැමිණි බවයි, ගාල්ල පොලිස් අධිකාරී කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි, නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ.

ඒ අනුව නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසයහික්කඩුව ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන තට්ටු දෙකක ගොඩනැගිල්ලක් හා ගාල්ල, මහමෝදර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සංචාරක නිවාස දෙකක් සිය භාරයට ගනු ලැබීය.

එමෙන්ම හබරාදූවේ හීනැටිගල ප්‍රදේශයේ නිවසක් හා ගාල්ල වරායේ තිබූ බහුදින යාත්‍රාවක් ද නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය සිය භාරයට ගෙන තිබේ.

නිහාල් තල්දූව මහතා පැවසුවේ, KDH වෑන් රථයක්, CHR වර්ගයේ මෝටර් රථයක්, වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් ඇතුළුව රුපියල් ලක්ෂ 347ක වටිනාකමින් යුත් වාහන අද දින නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය සිය භාරයට ගත් බවයි.

එමෙන්ම ලක්ෂ 53ක රත්‍රං භාණ්ඩ, ලක්ෂ 940ක දේපළ ද නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය සිය භාරයට ගෙන ඇත.

ඒ අනුව අද දිනයේ සිය භාරයට ගත් වත්කම්වල සමස්ත වටිනාකම රුපියල් ලක්ෂ 1,340කි. පසුගිය කාලය පුරා නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය මඟින් රුපියල් ලක්ෂ 1,427ක වාහන සිය භාරයට ගෙන තිබේ.

එමෙන්ම ඔවුන් භාරයට ගෙන ඇති දේපළවල වටිනාකම රුපියල් ලක්ෂ 1,511කි. අද දින අත්අඩංගුවට ගත් දේපළ විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුගේ බවත්, ඔවුන් සහෝදරයන් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

විදෙස්ගතව සිටින පුද්ගලයෙකුගේ බිරිඳගේ සහෝදරියක් ද මේ වනවිට අත්අඩංගුවට පත්ව ඇතැයි පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, මෙම වැටලීම් නොකඩවා සිදුකරන බව ද කියා සිටියේය.