15 හැවිරිදි සිසුවාට මරු කැදවූ බිහිසුණු අනතුර..
Sri Lanka
Sri Lanka Police Investigation
Accident
By Sewvandhi
දින 6 කට පෙර
පොලීසිය සදහන් කලේ, ගල්ගමුව පාලුකඩවල අතරගල්ල ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙකු මියගොස් ඇති බවයි.
එනම්, තිදෙනකු ගමන් කළ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව ඇළකට පෙරළීමෙන් අනතුර සිදුව ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.
අනතුරින් බරපතළ තුවාල ලැබු තිදෙනා ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී 15 හැවිරිදි පාසල් සිසුවා මියගොස් තිබේ.
එම සිසුවා විසින් යතුරු පැදිය ධාවනය කර ඇති බවට හඳුනාගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් ගල්ගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |