ගහත් කඩාගෙන කුඹුරට ගිය පොලිස් සැරයන් - (VIDEO)

Anuradhapura Sri Lanka Accident
By Sewvandhi Mar 02, 2023 06:41 AM GMT
Report

 ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ සිට හබරණ බලා ධාවනය වු කැබ් රථයක් යකල්ල, මෙගොඩවැව 16 කණුව ප්‍රදේශයේ දී අනතුරට ලක්ව තිබුණි. රියදුරුට කැබ් රථයේ වේගය පාලනය කල ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ අසල තිබු ගසක ද ගැටී, අසල වූ කුඹුරට පෙරළී ගොස් තිබෙනවා.

කැබ් රථය ගැටීමෙන් පසු ගස දෙකඩ වී ඇති අයුරු ද දක්නට ලැබුණි. අනතුර සිදුවන අවස්ථාවේ දී කැබ් රථයේ රියදුරු පමණක් ගමන් කර ඇති අතර, ඔහු අධික බීමතින් සිටි බව වාර්තා වෙයි.අනතුරින් කැබ් රථයට දැඩි අලාභහානි සිදුව ඇති අතර, රියදුරුට කිසිදු හානියක් සිදුව තිබුණේ නෑ.

හබරණ පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ සේවය කරන පොලිස් සැරයන්වරයෙකු ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට සහභාගි වී නැවත නිවස බලා එමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව තිබුණි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now