දිව පැටලෙන, බැංකොක්වල ඇත්තම නම මෙච්චර කාලකට දැනගෙන හිටිය ද?. කියවලාම බලන්නකෝ කොහොමද කියලා.. (PHOTOS)
දිගම ස්ථාන නාමය හේතුවත් බැංකොක් ගිනස් ලෝක වාර්තාවට හිමිකම් ලබයි.
ඒ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එය පොදුවේ Krung Thep හෝ Krung Thep Maha Nakhon ලෙස කෙටි කර ඇත.
තායිලන්තයේ කාර්යබහුලම ස්ථානය වන අගනුවර බැංකොක් වේ.
අග්නිදිග ආසියාවේ සංචාරකයින්ගේ නිතරම පිරී පවතින නගරයක් ලෙස එය හැදින්විය හැකිය.
බැංකොක් හි සැබෑ නම දැක්වෙන්නේ මෙලෙසිනී.එනම්,
“කෘං තෙප් මහානඛොන් ආමොන් රත්තනකොසින් මහින්දරා ආයුතය මහාදිලොක් ෆොප් නොප්පරට් රට්චතානි බුරිරොම් උදොම්රච්චනිවෙට් මහාසතං ආමොන් පිමන් අවතාන් සතිත් සක්කතට්ටිය විත්සානුකම් ප්‍රසිත්” ලෙසින් ය.
එහි තේරුම වන්නේ,
“එය අමරණීය නගරයක්, මහා නගරයක් ලෙස පරිවර්තනය කරයි. මැණික් නවයක්, රජුගේ ආසනය, රජ මාලිගා නගරය, ඉන්ද්‍රගේ අණ පරිදි විශ්වකර්මන් විසින් ඉදිකරන ලද දෙවියන්ගේ නිවහන.” යන්නයි.
කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය සඳහන් කළේ බොහෝ තායිලන්ත ජාතිකයන් විසින් “කෘං තේප් මහා නඛොන්” යන කෙටි අනුවාදය භාවිතා කරන බවත් නගරයේ සම්පූර්ණ නම ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කමක් දරන බවත් ය.