ඉන්ධන පිරවුම්හලක වෙඩිතැබීමක්..උණුසුම් තත්ත්වයක්..

Shooting Sri Lanka Sri Lanka Fuel Crisis
By Aruna Jul 28, 2022 05:45 AM GMT
Report

බදුල්ල, හිදගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් තුළ කිසියම් පුද්ගලයෙකු විසින් අහසට වෙඩි තැබීමක් සිදුකර තිබේ.

ඊයේ (27) රාත්‍රී 11.30ට පමණ එම වෙඩිතැබීම සිදුකර ඇති බවට වාර්තා වෙයි.

ඉන්ධන පිරවුම් හලේ ඇතිවූ ආරවුලක් මත ඉන්ධන පිරවුම්හලේ සේවකයින්ව බිය වැද්දීම සඳහා එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අදාළ වෙඩිතැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බව වාර්තා වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now