රට පුරා ඉන්ධන පිරවුම්හල් වලට සිදුවූ දේ මෙන්න..

Fuel Price In Sri Lanka Sri Lanka
By Aruna Jun 27, 2022 12:06 AM GMT
Report

රටපුරා පිහිටි සිපෙට්කෝ සහ අයිඕසී ඉන්දණ පිරවුම්හල් රාශියක් ඊයේ දින සිට දිනයේ වසා දමා ඇතැයි වාර්තාකරුවන් කියා සිටිති.

අලෙවි කිරීම සඳහා ඉන්ධන තොග නොලැබීම මත මෙම පියවර ගෙන තිබේ. ඉන්ධන තොග නොලැබීම හේතුවෙන් බොහෝ පිරවුම්හල්වල සේවකයන් නිවෙස් බලා ගොස් ඇත.

පිරවුම්හල් වසා දමා ඇතත් ජනතාව ඉතා දීර්ඝ පෝලිම් වල ඉන්ධන ලබා ගැනීම සඳහා රැඳී සිටිති.

ඔවුන් සඳහන් කරන්නේ තම වාහන නිවෙස් කරා ගෙන යාමට හෝ ඉන්ධන නොමැති බවයි.

එනිසා ඉන්ධන පැමිණෙන තුරු වාහන පෝලිමේ රැුදවා තැබීමට සිදුව ඇතැයි ඔවුන් කියා සිටිති.

මේ අතර බලශක්ති අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ නැවත ඉන්ධන නෞකාවක් මෙරටට පැමිණෙන දිනයක් ගැන නිශ්චිතව කිව නොහැකි බවයි.

කෙසේ නමුත් පැමිණෙන ඉන්ධන නෞකාවේ ප්‍රමුඛතාවය විදුලිය, කර්මාන්ත, සෞක්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් ලබා දෙන බවද ඔහු සඳහන් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now