යලිත් ඉන්ධන මිල ඉහල යයි?..අගමැති ගෙන් විශේෂ ප්‍රකාශක්..

Ceylon Petroleum Corporation Ranil Wickremesinghe
By Aruna Jun 22, 2022 07:52 AM GMT
Report

ලෝක වෙළෙඳපොළ තුළ නැවතත් ඉන්ධන මිල ඉහළ යාමේ අවධානමක් ඇති වී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් එසේ ඉහළ මිලට ඉන්ධන මිල දී ගැනීමට අවශ්‍ය විදේශ මුදල් වෙන් කර ගත යුතුව ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

රුසියාව හා යුක්රේනය අතර පවතින යුධමය තත්ත්වය මත ගෑස් සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් මෙම තත්වය උද්ගත වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මෙම අදහස් පල කරන ලදී. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now