යළි තෙල් මිල එකවර ඉහළ යෑමක්..ඊයේ රෑ ලංකාවේ සිදු දේ මෙන්න..

Fuel Price In Sri Lanka Sri Lanka Fuel Crisis Fuel Price In World
By Aruna Mar 05, 2024 12:02 AM GMT
Report

දිනකට බොරතෙල් බැරල් මිලියන 2.2ක් කප්පාදු කිරීමට ඔපෙක් රටවල් සහ රුසියාව තීරණය කිරීමත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 83. 83 දක්වා ඉහළ ගොස් ඇති අතර ඇමරිකානු ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 80. 17 ක් ලෙසයි.

මේ අතර,ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.

එහිදී ඔක්ටේන් 95 පෙට්‍රල්, සුපිරි ඩීසල් හා භූමිතෙල් මිල පහත දමා තිබේ.

සෙසු ඉන්ධන වර්ග මිල නොවෙනස්ව පවතී.

නව මිල ගණන් මෙසේය.

යළි තෙල් මිල එකවර ඉහළ යෑමක්..ඊයේ රෑ ලංකාවේ සිදු දේ මෙන්න.. | Fuel Prices More

තවද, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව සයිනොපෙක් සමාගම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 09කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 447කි.

එසේම සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 458කි.

මේ අතර එම සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිලේ කිසිදු වෙනසක් සිදුකර නොමැත.

සයිනොපෙක් සමාගම 92 වර්ගයේ ඉන්ධන ලීටරයක් 368ක් වන අතර සයිනොපෙක් ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 360කි.